Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 24
311
Views

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන අයගේ නාම ලේඛනය මේ වනවිට රහස් පොලිසියට භාරදී ඇති අතර එවැනි අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි පළාත් සභා පළාත් පාලන ස්වදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා (20දා) ගාල්ලේදී පැවසුවා.

ගාල්ල, උළුවිටිකේ පැවැති රැස්වීමක් අමතමින් ඇමැතිවරයා මෙසේද පැවසුවා.

“පටු අරමුණු සහිතව වෛරයෙන්, කේ‍රා්ධයෙන් සහ දේශපාලන ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අතැම් පිරිස් තම යුතුකම ඉටු නොකර බොරු ප්‍රචාර ගෙනයමින් බෞද්ධකමටද නිගරුවන ආකාරයට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා මඩ ප්‍රචාර ගෙන ගියත් මා ඒවායින් සැලෙන්නේ නැහැ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෝදිසි මෙහෙයුම් කිරීමට අවශ්‍ය උපදෙස් මා විසින් ආරක්ෂක කමිටු කැඳවමින් ලබාදීමට කටයුතු කළා. ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන නායකත්වයද ලබාදුන්නා. එම රැස්වීම්වලට සහභාගි නොවී ඇතැම් දේශපාලන පුද්ගලයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් මෙම මඩ ප්‍රහාර ගෙන යනවා. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි 66ම පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

අප සමාජයේ මරණ දැන්වීමක් ප්‍රචාරය කරන්නත් නමක් යොදා ප්‍රචාරය කරන ලදී යනුවෙන් සඳහන් කළයුතුයි. සමාජ ජාලවලින් අපහාස කරන්න, බොරු ප්‍රචාර ගෙනියන්න බොහෝදෙනකුට අවස්ථාව ලැබී ඇත්තේ අපේ රජය යටතේ ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස තහවුරු කළ නිසායි. අපේ රජය මාධ්‍යයට උපරිම නිදහස ලබා දී තිබෙනවා. දැන් ඔවුන් ඒ නිදහස තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. ඉකුත් රජය කාලයේ මෙසේ කළා නම් සුදු වෑන් ඇවිල්ලා මෙවැනි අය අරගෙන යනවා. ඒවා ඔබට මතක ඇති. නමුත් අපි අදත් කියන්නේ අපේ රජය දුන් මාධ්‍ය නිදහස භුක්ති විඳින්න තරම් උගත් තරුණයන් සිටිනවාද යන්න ප්‍රශ්නයක්. මෙවැනි අයට මා බෞද්ධයකු ලෙස ප්‍රකාශ කරන්නේ සුවපත් වේවා කියායි.”  

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top