Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
773
Views
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තමන් සහභාගි වන අවසන් ලෝක කුසලාන තරගාවලිය බවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව චිත්‍ර ශිල්පියකු ලෙසින් කටයුතු කිරීම තම අරමුණ බවත් ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පවසයි.

තම නිල ‘ට්විටර්’ ගිණුම වෙත වීඩියෝ පටයක් එක් කරමින් මේ බව පවසා ඇති හිටපු ඉන්දීය නායකයා එම වීඩියෝවට ඔහු විසින් අඳින ලද චිත්‍ර කිහිපයක්ද එක් කර තිබෙනු දක්නට ලැබිණි. තවද තම ජීවිතයේ රහසක් තම ක්‍රීඩාලෝලීන් සමඟ බෙදා ගැනීමට කැමැති බවත් කුඩා කල තම සිහිනය වූයේ චිත්‍ර ශිල්පියකු ලෙසින් කටයුතු කිරීම බවත් ඔහු එහිදී සඳහන් කර ඇත. එමෙන්ම මෙතෙක් ගෙවීගිය ඔහුගේ මුළු ජීවිත කාලයම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීමට සිදුවූ බවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසුව තම කුඩා කල සිහිනය සැබෑ කරගැනීම තමන්ගේ අරමුණ බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෝනි පවසා ඇත.

ලෝක කුසලාන තරගාවලීන් දෙකක ජයග්‍රාහී ඉන්දීය පිලට නායකත්වය සැපයූ 37 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි 2014 වර්ෂයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අතර එක්දින ක්‍රිකට් තරග 341කට ක්‍රීඩා කරමින් ශතක 10ක් සහ අර්ධ ශතක 71ක් සමඟින් මුළු ලකුණු 10,500ක් රැස්කර ගැනීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top