Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
917
Views
පන්දුව පළුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වීමට නියමිතව ඇත්තේ එංගලන්තයේ පැවැත්වෙන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී බැවින් එම තරගාවලිය අතරතුර ඔවුන්ට පීඩාකාරී වන අයුරින් විහිළු තහළු හෝ අපවාද එල්ල නොකරන ලෙස එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී එරට ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

‘ද ගාඩියන්’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර වැඩිදුරටත් අදහස් දක්වා ඇති අලී “ඇත්ත වශයෙන්ම ඔවුන් මෙම තරගාවලියෙදී මේ දෙයට කොටු වෙලා ක්‍රීඩා කරන එකක් නැහැ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔවුන් දෙදෙනා තරගාවලිය විඳිනව දකින්නයි මට අවශ්‍ය. ක්‍රීඩා ලෝලීන් මොවුන් දෙදෙනාට විහිළු කරනවා නම් පෞද්ගලික දෙයක් විදීයට සලකන්නෙ නැතිව එය විහිළුවක් විදීයටම සලකන්න. අපි සියලු දෙනාම වැරදි කරනවා. අපි හැමෝම මිනිස්සු වගේම අපිට හැඟීම් දැනීම් තියෙනවා. මම හොඳින්ම දන්න දෙයක් තමයි ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ පුද්ගලයන්. මම බලාපොරොත්තු වෙනවා ස්මිත්ට හා වෝනර්ට ක්‍රීඩා ලෝලීන් ශිෂ්ට සම්පන්න විදීයට සලකාවි කියලා” යනුවෙන් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට ඉහතදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්, ස්මිත් හා වෝනර් පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ ඔවුන් දෙදෙනාට ඉදිරි මාස කිහිපයේදී අසීරු තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවත් එම කාලය තුළ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කළ යුතු බවත්ය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top