Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
2,019
Views

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන තුනකට සහ ප්‍රසිද්ධ හෝටල් තුනකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය සඳහා විදේශීය දායකත්වයක් තිබී ඇති බවට මේ පිළිබඳව විමර්ශනය කරන නිලධාරියෙක් විදෙස් මාධ්‍යට සඳහන් කරනවා.

ඔහු පවසන්නේ මෙරට සිදුකරනු ලැබූ ප්‍රහාර වලට යොදාගත් පුපුරන ද්‍රවය අයි.එස් ත්‍රස්තවාදීන් විසින් කලක පටන් නිෂ්පාදනය කර ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. 

ඒ අනූව පසුගිය 21 වනදා පුපුරවා හැරූ බෝම්බ C4 නම් අධි බලති පුපුරන ද්‍රවය නොවන අතර එය ට්‍රයිඇසිටෝන් ට්‍රයිපෙරොක්සයිඩ් නමැති රසායනික පුපුරන ද්‍රවය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර එමගින් C4 වලට වඩා පිළිස්සුම් තුවාල ඇතිකිරීමට පුළුවන් පුපුරන ද්‍රව්‍ය බවයි වාර්තා වන්නේ. 

මෙම බෝම්බ නිෂ්පාදනය එතරම් පහසු නොවන අතර එය YOUTUBE වීඩියෝවක් බලාගෙන නිෂ්පාදනය කිරීමට නොහැකි බවයි පර්යේෂණයේ නිරත වී ඇති නිලධාරියා විදෙස් මාධ්‍යට වැඩිදුරටත් පවසන්නේ. 

මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම ජාතික තව්හිඩ් ජාමත් සංවිධානයේ සහරාන් ඇතුළු පිරිස විදේශීය අයි.එස් ත්‍රස්තයින් සමග කිහිපවරක් මුහුණට මුහුණ මුණගැසී සාකච්ඡා පවත්වා මෙම බෝම්බ නිෂ්පාදන කටයුතු සිදුකර ඇති බවට තොරතුරු හොඳින් පැහැදිලි වන බව සඳහන්.

මේ අතර අදාල ට්‍රයිඇසිටෝන් ට්‍රයිපෙරොක්සයිඩ් නමැති රසායනික ද්‍රවය භාවිතා කර නිෂ්පාදනය කර ඇති මෙම බෝම්බ අයි.එස් ත්‍රස්තවාදීන් විසින් නම් කර ඇත්තේ ''MOTHER OF SATAN'' නොහොත් යක්ෂයාගේ මව ලෙසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top