Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 21
3,527
Views

Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේදයක් නැතුව ලෝකය පුරාම Selenaට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා කිව්වොත් හරියටම හරි. 

මේ කියන්න යන්නේ Selena ගැන අලුත්ම අලුත් ආරංචියක්. ජස්ටින් බීබර් එක්ක කාලයක් පෙමින් වේලිලා හිටපු Selena ඒ සම්බන්ධය නැති වුනාට පස්සේ ටිකක් ව්‍යාකුල ගතියක් පෙන්නුවා කියන එක ලෝකයම දන්න කාරණයක්.

තාමත් අවුරුදු 26ක් වුන මේ සුන්දර තාරකාවිය ගැන මේ වතාවේ නම් කියන්න තියෙන්නේ ටිකක් පුදුම හිතෙන ආරංචියක් කිව්වොත් හරි. පහුගිය දිනවල ප්‍රංශයේ පැවැත්වුන Cannes සිනමා උළෙලට Selenaත් සහභාගී වෙලා තිබුනා. ඒ තනියම නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ප්‍රවීන සිනමා තරුවක් වුන 68 හැවිරිදි Bill Murray සමග. ඔහු කෝටිපතික් කියල තමයි විදෙස් මාධ්‍යනම් වාර්තා කරන්නේ.   

කොහොම වුනත් පහුගිය කාලය පුරාවටම මොවුන් දෙදෙනා එකට දැකිය හැකි අවස්ථාවන් ගණනාවන් මාධ්‍ය විසින් වාර්තා කරලා තිබුනා වුනත් ඒක විවාහයක් වෙනකන් දුරදිග යයි කියලා නම් Selenaගේ ප්‍රේක්ෂකයෝ හිතන්න නැතුව ඇති. කොහොම වුනත් හැමෝම පුදුම කරවමින් Cannes සිනමා උළෙලෙන් පස්සේ Selena එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ කතාව අත්තක් කියලා තහවුරු කරලා තිබුනා. ඒ මෙන්න මේ විදිහට.

"My first time in Cannes! I’m so honored to have been a part of this movie with Jim and the whole cast. By the way Bill Murray and I are getting married."

කොහොම වුනත් Selena මේ කියන කතාවේ ඇත්ත නැත්ත වැඩි කාලයක් නොගිහින්ම දැනගන්න පුළුවන් වෙයි කියල තමයි එයාගේ ප්‍රේක්ෂකයන් නම් කියන්නේ.  

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top