Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 21
743
Views

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධනයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂනයෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මොහොමඩ් සහරාන් ගේ බිරිඳ ගේ, දියණියගේ හා සහෝදරියක ගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම ඩී එන් ඒ පරීක්ෂණය සිදු කළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ උසස් නිලධරියෙක් පැවසීය.

මෙම පරීක්ෂණයට අදාල රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු වර්තාව අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාර දීමට නියමිතය.

පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් සිය ඇඟ බැඳි බෝම්බ පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත් වූහ.
එම බෝම්බ පුපුරුවාගත් දෙදෙනා තවුහිත් ජමාත් සංවිධනයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් හා ඉල්හාම් මොහොමඩ් ඊබ්‍රාහිම් බවට ආරක්ෂක අංශවලට තොරතුලු ලැබී තිබිණි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවෙන් ඪී එන් ඒ පරීක්ෂණය සිදු කළේ එය නිවැරදිවම දැන ගැනීම සඳහාය.

සිනමන් ග්‍රෑන්ඩ් හා ෂැංග්‍රිලා හෝටල් දෙකේදීත් මඩකලපුව සියෝන් දේවස්ථනයේදීත්, දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හලේදිත් මරාගෙන් මැරුණු බෝම්බකරුවන් ද ඩී එන් ඒ පර්‍රික්ෂණ මගින් මේ වන විට හඳුනාගෙන ඇතැයි කියන රජයේ රස පරීක්ෂක දෙපාතුමේන්තුව ඒ පිලිබඳ වාර්තාද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙතුවට භාර දීමට නියමිතව ඇතැයි සඳහන් කරයි.

කොච්කිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ හා මීගමුව කටුවාපිටිය සන්ත සෙබෙස්තියන් දේවස්ථනයේ බෝම්බ පිපිරීම් කළ බවට සැකකෙරුණු බෝම්බකරුවෝ දෙදෙනාද DNA පරීක්ෂණවලින් මෙයට පෙර හදුනාගෙන තිබිණි.

කටුවාපිටිය දේවස්ථනයේ බෝම්බකරු මහම්බුදු හස්තුන් ලෙසත්, කොච්චිකඩේ දේවස්ථනයේ බෝම්බකරු අලව්දීන් අහමඩ් මුවන්(22) ලෙසත් මෙසේ හඳුනාගෙන ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top