Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 21
1,921
Views

නොටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සිකුරාදා  පස්වරු 6.40ට පමණ පැමිණි කුරු මිනිසකු නිවෙසේ තිබූ පරෙවි කූඩුවක් කඩා එහි සිටි පරෙවියන් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. මෙම නිවෙසේ වයස අවුරුදු 65ක් පමණ වන කාන්තාවක් ජීවත් වන අතර ඇයගේ තනියට තම දියණියගේ 15 හැවිරිදි පුතකුද මෙම නිවෙසේ ඇය සමඟ රැඳී සිට ඇත. 

එම පරෙවි කූඩුවේ පරෙවියන් 20ක් පමණ සිට ඇත. මෙම පරෙවියන් දිනෙන් දින අස්ථානගත වීම හේතුවෙන් අසල්වාසීන් සමඟද අදාළ පුද්ගලයන් අමනාපයෙන් පසුවී ඇත. ඉන් අනතුරුව කූඩුවලට ඉබි යතුරු දැමීමටත් නිවැසියන් කටයුතු කර ඇත.

මේ අතර පසුගිය 10 වැනිදා මෙම නිවෙසේ ජීවත්වන කාන්තාව පෞද්ගලික කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව ගොස් ඇත. එදින පරෙවියන් කූඩුවට පැමිණ ඇත්දැයි සෙවීම සඳහා තම ආච්චි සමඟ එම නිවෙසේ ජීවත්වන ලසිත් දෙව්මික සවස 6.40ට පමණ නිවෙසට පැමිණ ඇත. 

මේ අවස්ථාවේදී ඔහු දැක ඇත්තේ ඇල්බීසියා ලීයක් අතැතිව කූඩුවේ දැලෙහි සිදුරු දෙකක් සාදා කූඩුවට පැමිණ ඇති පරෙවියන් කූඩුවෙන් පිටතට ගැනීමට උත්සාහ දරන කුරු මිනිසකුගේ දර්ශනයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ලසිත් දෙව්මික මෙසේ කීය.

මමත් ආච්චිත් මේ ගෙදර ඉන්නේ. මේ පරෙවියෝ මගේ නෙවෙයි. මගේ අයියාගේ. නමුත් අයියා ටැංකි බෝට්ටු යන නිසා මේ පරෙවියෝ රැකබලා ගන්නේ මම. එදා ආච්චි ගෙදර හිටියේ නෑ. ‍දොරවල් වහලා තිබුණේ. 

මම පරෙවියෝ කූඩුවට ඇවිල්ලද බලන්න ආච්චිගේ ගෙදරට ආවා. ඇත්තෙන්ම මම බය වුණා. කවදාවත් මම  දැකපු නැති කොට මිනිහෙක් කූඩුවට නැඟලා එක් අතක ලීයක් ඇතිව ඒ ලීයෙන් පරෙවියන් එළියට ගන්න උත්සාහ දරන හැටි මම දැක්කා. 

ඇත්තෙන්ම මම බය වුණා. අත්දෙකේ ලොකු නියපොතු වැවිලා තිබුණා. ඔළුවේ ලෝම වගේ දිගට වැවිලා තිබුණා. අඩි තුනක් විතර උසයි. 

හරියට මිනිහෙක් වගේ. මම එතැනින් දුවගෙන ඇවිත් මගේ මිතුරන් කිහිප දෙනකුට මේ ගැන කියලා ඔවුන් එක්ක නැවතත් ශබ්ද කරමින් පරෙවි කූඩුව ළඟට ගියා. 

එතකොට ගෙදර බිත්තියට හේත්තු කරලා තිබුණ ලෑල්ලක් අස්සෙ ඉඳලා එකපාරටම මේ පුද්ගලයා පැනලා ගියා. අපට කිසි දෙයක් කරන්න වුණේ නැහැ. ලොකු පිමි පනිමින්   තමයි මේ  ස්ථානයෙන් එයා පැනලා ගියේ. සිද්ධිය මතක් වෙනකොටත් බය හිතෙනවා.

මේ පිළිඳව අදහස් දැක්වූ ලසිත් දෙව්මිකගේ මව වන නිරෝෂා මානවඩු මහත්මිය මෙසේ පැවැසුවාය. ඇත්තෙන්ම අපිටත් හිතාගන්න බැහැ මේ ගැන. කූඩුවෙ පරෙවියෝ 20ක් විතර හිටියා. ඉන් සමහරක් පරෙවියෝ රුපියල් 3500ක් විතර වෙනවා. එකා එකා අඩු වෙලා දැන් පරෙවියෝ පහක් හයක් විතර ඉන්නේ.  අපේ අම්මගේ මේ ගෙදරින් එහා පැත්තේ ලොකු කැලයක් තියෙන්නෙ. 

මේ ප්‍රදේශයේ හාවුන්, වලි කුකුළන්, මීමින්නන් ගොඩක් හිටියා. නමුත් ඒ සත්තු දැන් ගොඩක් අඩුයි. අපේ පුතා ගොඩක් බය වෙලා තියෙනවා. පුතා කියනවා කවදාවත් දැක්කේ නැති කොට මිනිහෙක් කියලා. 

අපි ඉල්ලනවා සත්ත්වයන් පිළිබඳව ගවේෂණය කරන විද්වතුන් අපේ ලංකාවේ ඉන්නවා. ඔවුන්ට මේ ගැන හොයලා කවුද මේ සත්ත්වයන් කියන එක හොයලා බලන්න කියලා. මෙවැනි සිදුවීම් දිවයිනේ තවත් සිදුවෙලා තියෙන මොහොතක මේ සත්ත්ව කොට්ඨාසය පිළිබඳව සොයා බැලිය යුතුයි කියලා මවක් විදියට වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටිනවා.

හුංගම - ඩබ්. කේ. ටෙනිසන්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top