Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 21
1,420
Views

ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී  පසුගිය දිනක පිලිස්සීමෙන් බරපතල තුවාල ලබා සිටී පාසල් සිසුවා මියගිය බව ඌරුබොක්ක පොලීසිය පවසනවා.

පසුගිය 9 දින අළුයම 2.00 ට පමණ මෙම දරුවා ගින්නට අසුව ඇති අතර පසුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දින කිහිපයක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය මහ රෝහලට මාරු කර යවා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ ඇඹිලිපිටිය දොරපනේ මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටී ඌරුබොක්ක ගින්නලිය ගොඩේවත්ත ඇල්ලහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක් වූ තලපලගේ ලසිත් මාලිංග නැමැති පිරිමි දරුවායි.

වෙනත් දිනවල කාමරයේ නිදා ගන්නා මෙම දරුවා මෙදින කාමරයේ රශ්නය වැඩි බව පවසා නිවසේ සාලයේ ටයිල් පොලව මත ඇද ඇතිරිල්ලක් බිමට දමා පුටුවක වාඩිවීමට දමා තිබෙන කුෂන් කෑල්ලක් හිසට තබාගෙන නිදා ගෙන ඇති මෙම දරුවා රාත්‍රි 2.00 ට පමණ ගින්නට අසුව ඇති අතර දරුවාගේ කෑ ගැහිල්ල ඇසී නිවසේ කාමරයක නිදාගෙන සිටී දරුවාගේ පියා පුංචි අම්මා පැමිණ ගින්න නිවා දමා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මියගිය පාසල් සිසුවාගේ මව පියාගෙන් වෙන්ව ජීවත් වන අතර පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර සිද්ධිය සිදුවන දින නිවසේ සිට ඇත්තේ මියගිය දරුවාගේ පියා පුංචි අම්මා(පියාගේ දෙවන බිරිද)සහ පුංචි අම්මා මෙම නිවසට පැමිණෙන විට එක්කගෙන ආ පෙර විවාහයේ වයස අවුරුදු 14 පිරිමි දරුවා යන අය පමණක් බවට පොලීසිය පවසනවා.

ගින්නට අසුවීමෙන් දරුවා බිමට දමා තිබූ ඇද ඇතිරිල්ල සහ හිසට තබාගෙන සිටී පුටු කොට්ටය  සම්පූර්ණයෙන්ම ගින්නට අසුව විනාශ වී ඇති අතර ගින්න සිදුවූ ස්ථානයේ ටයිල් පිලිස්සී අතර මියගිය දරුවාගේ පුංචි අම්මා පොලීසියට පවසා ඇත්තේ තමන් දරුවාගේ කෑ ගැසීම ඇසි සාලය දෙසට පැමිණෙන විට සාලයේ සිට පුද්ගලයකු දිව ගොස් ඒ ආසන්නයේම තිබෙන කාමරයේ ජනේලයෙන් පිටතට පැන ගිය බවයි. දරුවා පිලිස්සුනු ස්ථානයේ තිබී පහන් තිරයක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මෙම ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර මෙය ගිණි තැබීමක්ද නැත්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නැහැ. 

ගින්නෙන් දරුවාගේ ඉනෙන් ඉහළ කොටස පිලිස්සී තිබූ අතර මුහුණටද ගින්නෙන් හානි සිදුව තිබෙනවා.මිය ගිය පාසල්  මරණයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ පිලිස්සීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ බරපතල හානි නිසා සිදුවූ මරණයක් බවටයි. 

ඌරුබොක්ක - අතාවුද පතිරණ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top