Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 20
836
Views

චීනයේ ‘හුවාවි’ විදුලි සන්දේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකා රජය පියවර ගැනීමත් සමඟ, ඇමෙරිකාවේ ගූගල් සමාගම පවසා ඇත්තේ, ‘හුවාවි’ සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් අවලංගු කිරීමට තමන්ය සිදුවුණු ඇති බවය.

ඒ අනුව, මින් ඉදිරියට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය (ඔපරේටින් සිස්ටම්) හුවාවි සමාගමට අහිමි වෙයි. අද අප භාවිතා කරන ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතන බොහොමයක භාවිතා කෙරෙන්නේ ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතියයි.

ඇමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය මේ වනවිට ඔඩුදුවා ඇත. ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවා තිබේ. හුවාවි ලෙව ප්‍රමුඛ පෙළේ විදුලි සන්දේශ සමාගමක් වන අතර ඇමෙරිකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ පුළුල් ජාලයක් සේ පැතිර ගොස් ඇත්තේ ද හුවාවි සමාගමය.

ඇමෙරිකන් රජය හවුවි සමාගම ඉලක්ක කර ගනිමින් තහංචි සහ සම්බාධක පනවා ඇත්තේ, හුවාවි සමාගම චීනය වෙනුවෙන් ඇමෙරිකාවේ ඔත්තු බැලීම්වල නියැලුණු බවට චෝදනා කරමිණි.

ගිවිසුම් අවලංගු කිරීම නිසා ඇමෙරිකාවේ ගූගල් සමාගම හුවවි සමාගමට සපයන මෘදුකාංග පමණක් නොව දෘඪාංග ද නවතිනු ඇත.

අලුතින් නිෂ්පාදනය කෙරෙන හුවාවි සමාගමට ලබා දුන් ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය හුවාවි සමාගමට අහිමි වෙයි.

ගූගල් ප්ලේ පමණක් නොව, ජීමේල් සහ ගූගග් ඇප් සේවා සියල්ල ද හුවාවි දුරතකන, ටැබ් ඇතුළු සියලු සන්නිවේදන උපාංගවලට අහිමි වෙයි. මෙය හුවාවි සමාගමට ප්‍රබල පහරක් වනු ඇති බව පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top