Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 19
569
Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව අනිද්දා නිකුත් කිරීමට නියමිතයි. 

ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇති බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළේ. 

මෙම ප්‍රහාරවලට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව ලබා ගැනීම සදහා ඔහුගේ බිරිදගේ සහ දියණියගේ රුධිර සාම්පල පසුගිය සිකුරාදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී තිබුණා. 

එම තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 21 වනදා කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ හෝටල් 3 කට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග එයට පැමිණි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ආරක්ෂක අංශ වෙත වාර්තා වුණා. 

එහිදී මරාගෙන මැරුණු ඇතැම් ත්‍රස්තවාදීන්ගේ සිරුරු කොටස් හමුවූ අතර ඒවා ඔස්සේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. 

ඒ අනුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ අලව්ඩීන් අහමඩ් මුවාත් නමැත්තා බවට ඩී.එන්.ඒ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. 

මීගමුව - කටුවපිටිය දේවස්ථානයට අච්චි මොහොම්මදු හස්තූන් නමැති මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා පැමිණ ඇති බවට ද මෙහිදී කරුණු හෙළි වුණා. 

සේ වෙතත්, ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කිරීම සදහා පැමිණියේ සහරාන් හෂීම් සහ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර, ඒ පිළිබදව කළ සනාථ කිරීම් ද අගහරුවාදා භාරදීමට නියමිත රස පරීක්ෂක වාර්තාවේ ඇතුළත්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top