Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 17
925
Views

හේමන්ත රන්දුණු

ජාතික තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයන්ට අයත් තවත් රුපියල් කෝටි 1000 කට අධික දේපළ සහ මුදල් රාජසන්තක කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරමින් සිටියි. 

මෙම ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයන්ට අයත් ඉඩම් නිවාස, පුහුණු කඳවුරු, යාන වාහන, මුදල් රන් ආභරණ සහ තවත් වටිනා දේපළ මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් 89 දෙනකු මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන්ට අයත් සියලු වටිනා දේපොළ හඳුනාගෙන ඇත.

මෙම ත්‍රස්‌තවාදීන්ගේ බැංකු ගිණුම්වලට විදේශ රටවල් කිහිපයකින් ලැබී ඇති රුපියල් බිලියන ගණනක මුදල්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
පාස්‌කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්‌තවාදීන්ට අයත් රුපියල් බිලියන ගණනක්‌ වටිනා දේපළ ද මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි.

මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව භාරයේ සිටින ත්‍රස්‌තවාදීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ට අයත් තවත් දේපළ රැසක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට නියමිතය.

දිවයින 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top