Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 17
673
Views
ත්‍රිරෝද රියෑදුරකු ලෙස සිට කෙටි කලකින් සුපිරි ධනවතෙක්‌ වෙලා


ජාතික තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් වත්තල මාබෝලේ කෝටිපති ව්‍යාපාරිකයා පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ද කිට්‌ටු සබඳතා පැවැත්වූ පුද්ගලයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මොහොමඩ් රිස්‌වාන් නමැති මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඩුබායි රාජ්‍ය වෙත ගොස්‌ ඇති අතර එහිදී මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පවත්වමින් නොයෙකුත් නීති විරෝධී ක්‍රියාවල යෙදෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මොහු මධුෂ් සමඟ එක්‌ව හෙරොයින් ජාවාරමේ යෙදෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

පොහොට්‌ටු පක්‌ෂයේ මාබෝල සංවිධායකවරයා ලෙස මොහු කටයුතු කරන අතර ඉතාම කෙටි කාලයක්‌ තුළ මහා ධනවතකු බවට පත්වූ අයෙකි.

පිහිණුම් තටාකවලින් සමන්විත සුවිසල් නිවාස 3 ක්‌ සුපිරි වාහන 16 ක්‌ ඇතුළු තවත් දේපළ රැසක්‌ මොහුට ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මොහු කලක්‌ වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියෑදුරෙකු වශයෙන් රැකියාව කළ අයෙකු බව ද අනාවරණය වී තිබේ.

බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාශය මගින් මෙම සැකකරු පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබුණේ ජාතික තවුහිද් ජමාත් ත්‍රස්‌ත කල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකකරමින්ය.

මොහු වත්තල ප්‍රදේශයේ මුස්‌ලිම් දේවස්‌ථාන කීපයක පංති පවත්වා ඇති අතර එම පංති පැවැත්වීම සඳහා මූල්‍ය ආධාර ලබාදී ඇති බව ද හෙළිවී තිබේ.

බස්‌නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.


හේමන්ත රන්දුණු
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top