Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 16
558
Views
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු කර ගත් විශ්ව විද්‍යාල සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් කළ විශ්ව විද්‍යාල සිසුවකු මේ අ‍යුරින් ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙස අධ්‍යාපනය ලබනවා.
 
මෙම විශ්ව විද්‍යාල සිසුවා එකී ප්‍රචාරය නිර්මාණය කිරීම නොව අන් කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරින ඔහුගේ මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමක් පමණක් බව පෙන්වා දුන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කරනු ලැබුවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top