Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 16
645
Views

ප්‍රංශයේ වෙසෙන පුංචි සිනමාකරු රෙෂාන් ප්‍රනාන්දුගේ නවතම කෙටි චිත්‍රපටය වන ‘ Be a Buddy Not a Bully ’  හෙවත් වෙමු මිතුරු නොව හතුරු ලෙසින් පසුගිය දින පැරීසියේ පැවැත්වූ මංගල දර්ශනයේ ආරාධිතයෙකු වශයෙන් මටද සහභාගීවීමට වාසනාව ලැබුනි.

එමෙන්ම එහි ප්‍රධාන චරිත වලට පණපොවන ප්‍රංශ ජාතික ළමා නිලි, රෙෂාන් විසින්ම හදුන්වාදුන් මාර්ලෝ ත්‍රොපේ (Marlo Troipée)  හා මෙමෙ චිත්‍රපටයෙන් තිරයට හදුන්වාදෙන මලෝ කටියෝ (Malo Cattiaux) ප්‍රංශ ජාතික ළමා නලුවා හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමගයි.

මෙරට සිට ජාත්‍යන්තර සිනමා උළෙලවල් කීපයක් නියෝජනය කර ජයග්‍රහන ල බාගනිමින් කීර්තියක් මව්බිමට ලබාදුන් ළාබාලතම සිනමා අධ්‍යක්ෂකවරයා වශයෙන් අප සැමට ආඩම්බරයකි.

සෑම රටකම පිරිහීයන  මනුශ්‍යකමේ සමගිය ළමුන් අතර ඇතිවන ‘ Bullying ’  හෙවත් අරියාදු කිරීම නැතහොත් සමච්චල් කිරීම හොද නැති දෙයක් බව ළමුන්ට කියාදෙන අපූරු නිර්මාණයක්. මෙම ගැටලුව පාසල් හරහා සිදුවීමෙන්  ලොව විවිධ රටවල සියදිවි හානිකරගත් ළමුන් හා ඒ ආසන්න ක්‍රියා කල ළමුන් වාර්ථාවනවා. කෙසේ නමුත් ළමුන් හරහා දෙන මේ පණිවිඩය වැඩිහිටියන්ට  වඩාත් උචිත බවයි මගේ හැගීම.

සම්මානලාභී සිනමාකරුවාගේ මෙම අපූරු පණිවිඩය රැගත් කෙටි සිනමාපටය නවතම මාදිලියේ අයිෆෝන් (iPhone) ජංගම දුරකතනකින් නිමවීම නිසාම තවත් සුවිශේෂී වන අතර දැනටමත් ඇමෙරිකාවේ නිව්යොක් හි වාර්ශික අයිෆෝන් චිත්‍රපට උළෙල (iPhone Film Festival) සදහා හා ඇමෙරිකාවේ ඕඩියන්ස් අවොර්ඩ්ස් (Audience Awards) සදහාද තේරී පත්වී අවසන්.

ළගදීම රෙෂාන් ප්‍රනාන්දුගේ 10 වන කෙටි චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භකර අවසන්වූ පසු සියලු නිර්මාණ සමගින් කෙටිචිත්‍රපට උළෙලක් ලෙස තිරගත කීරීමට හා ඉන්පසු ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් (feature film) කිරීමට  සූදානම්වන බවත් ඔහු මා හා සමග වැඩිදුරටත් පැවසීය.

හේමා  කටුකුරුන්ද  -  පැරීසිය

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top