Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 16
712
Views
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරු පැමිණී වෑන් රථය මිලට ගෙන එහි ආසන සකස් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි බව සැලකෙන වෑන් රථය දේවස්ථානය අසල නතර කර තිබියදී පොලිසිය සොයාගත්තා.

අදාළ වෑන් රථයද පිපිරවීමක් සඳහා සූදානම් කර තිබූ අතර පසුගිය අප්‍රේල් 22 වනදා එය ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්යබලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන්ට හැකිවුණා.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top