Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 15
942
Views
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විජේරාමේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදීයි. 

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට තවදුරටත් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිලිබඳව විශ්වාසයක් නොපවතින බවට පවසමින් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, ඊයේ දිනය වනවිට මන්ත්‍රීවරුන් 23 දෙනෙකු ඊට අත්සන් කර තිබූ අතර ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ජා වුණා. 

එහිදී තීරණය වුණේ අද පැවැත්වෙන සිය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ආණ්ඩුවට පවතින අර්බුදය විසඳීමට නොහැකිනම් ඉවත්වන ලෙසටයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top