Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 15
2,388
Views

2019 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය පසුගිය 12දා අවසන් වූවා. එහි අවසන් මහා තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දිනාගත් සිවුවෙනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතාවයයි.

මෙම තරගය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂ වූයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන විසින් දැරීම නිසාත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග වීම නිසාත්ය. අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරය යැවූ සුපිරි ක්‍රීඩකයා අවසන් පන්දුවෙන් කඩුල්ලක් ලබා ගෙන එක ලකුණක ජයක් මුම්බායි කණ්ඩායමට දිනා දීමට සමත් විය.

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමග මාධ්‍යයට අදහස් දක්වන ලසිත් මාලිංග පවසන්නේ ‘‘මට තරගය දිනන්න ඕන වෙලා තිබුණෙ. අවසන් පන්දුවට තව එක ලකුණක් හරි ගැහුවානම් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා මට අවශ්‍ය වුණා කඩුල්ල ලබා ගන්න හොඳම පන්දුව යවන්න.’’ යනුවෙනි.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය පසුපස සිටිමින් සුවිශේෂී දායකත්වයක් දැක්වූ පුහුණුකරු මහේල ජයවර්ධන පවසන්නේ අවසන් පන්දුවාරය ලසිත් මාලිංගට ලබා දීම නායක රෝහිත් ෂර්මා ලබා ගත් නිවැරදී තීරණයක් බවයි.

‘‘රෝහිත් ෂර්මා ගත් තීරණය විශිෂ්ටයි. කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුලම පන්දු යවන්නා වන මාලිංගට අවසන් ඕවරය දීම ඉතාමත් නිවැරදි තීරණයක්. මේක ලොකු තරගයක්. ලොකු ක්‍රීඩකයන් දෙපැත්තෙම හිටියා ’’ යනුවෙන් මහේල අදහස් දක්වා තිබුනා.

මේ සුවිශේෂී ජයග්‍රහණයත් සමග ලසිත් මාලිංගට සහ මහේල ජයවර්ධනට මුම්බායි ඉන්ඩියන්ස් පාලනාධිකාරියෙන් ගෞරවනීය ස්තූතියක් හිමි වීමද විශේෂත්වයකි.

 


 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top