Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 15
1,611
Views
"දුෂණය කරලා උඩුකය ඡායාරූප ගත්තා.."

"හැදුනුම්පත බලලා වයස අඩුයි කියලා එයාව තල්ලු කළා.."

අකුරල මුහුදු වෙරළේ පෙම්බස් ‍දොඩමින් සිටි පෙම්වතා ඉවත් කර පෙම්වතියට අතවර කර තරුණයින් දෙදෙනෙක් උඩුකය ඡායාරූප ගෙන තිබෙනවා. ඔවුන් අම්බලන්ගොඩ පොලිසියට මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර චෝදනා ලැබූ බූස්ස හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනා මැයි 24 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ඉසෙඩ් පී.එම්. ලියාකාත් මහතා නියෝග කර තිබෙනවා.

මෙදිනට සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇති අතර සැකකරුවන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයද අම්බලන්ගොඩ පොලිසිය භාරයට ගත් බවත් සදහන්. 

තමා සිය පෙම්වතා සමඟ අකුරල මුහුදු වෙරළේ කතාබහ කරමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් පෙම්වතා ඉවතට ගෙන ගොස් තමන්ට අතවර කළේ යැයි ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි එම තරුණිය අම්බලන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනා පළමුවෙන් තමාගේ සහ පෙම්වතාගේ හැඳුනුම්පත් ඉල්ලා සිටි බවත් ඒවා දුන් පසු පරීක්‍ෂා කර බලා වයස අඩුයැයි පවසා තම පෙම්වතා ඉවතට රැගෙන ගොස් තමාට අතවර කර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත්  බවත් පැමිණිලිකාර තරුණිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

පැමිණිල්ලට අනුව අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය හික්කඩුව පොලිසියට දැනුම් දී හික්කඩුව පොලිසියේද සහාය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා බූස්ස යුද හමුදා කඳවුරේ සේවය කරන බවත් ඉකුත් 12 වැනිදා පෙරවරුවේ බූස්ස හමුදා කඳවුරේ සේවය කරන වෙනත් අයකුට අයත් ත්‍රිරෝද රථයක් ඉල්ලාගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට යන බව පවසා පිටත් වී තිබෙන බවත් ඒ එන අතර වාරයේ අකුරල මුහුදු වෙරළට පැමිණ තිබෙන බවද පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top