Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 15
459
Views
තම බාලවයස්කාර දියණිය වරින් වර බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයට හමුවේ අධි චෝදනා ලබා සිටි 70 හැවිරිදි විත්තිකාර පියකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ වයඹ පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
 
ඊට අමතරව මුදලින් රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැරහරින්නේ නම් ඔහු තවත් මාස හයක ලිහිල් සිරදඬුවමකට යටත් කිරීමට නියෝග කළා.
 
මෙසේ සිර දඬුවම් නියම වූයේ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයකුටයි.

1997 වසරේ ජනවාරි මාසයේ අවස්ථා ගණනාවක් විත්තිකරු මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.
 
විත්තිකරුට දඬුවම් නියම කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව විජේපාල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුගේ බිරියගේ දෑස් නොපෙනෙන බවත් එම නිසා විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි.
 
නීතිඥවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ විත්තිකරුගේ බිරියගේ දෑස් නොපෙනෙන්නේ නම් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් වැඩිහිටි නිවාසයකට ඇතුළු විය හැකි බවයි.
 
විත්තිකරු සිදු කර ඇති වරදේ ස්වභාවය අනුව ඔහුට ලිහිල් දඬුවමක් නියම කළ නොහැකි බවද විනිසුරුවරයා තවදුරටත් පැවසුවා.
 
තැලසීමියා රෝගය වැලඳී සිටි තම පිරිමි දරුවා රැගෙන විත්තිකරුගේ බිරිය කුරුණෑගල මහ රෝහලේ පැවැති වෛද්‍ය සායනයකට ගොස් සිටි අතරවාරයේ විත්තිකරු තම බාලවයස්කාර දියණිය වරින්වර මෙසේ අපයෝජනය කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවුණා.
 
ආනන්ද කරුණාදාස
'මව්බිම'
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top