Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 15
1,028
Views

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාන් අහමඩ් නමැත්තාට පින් පැමිණවීම සඳහා පැමිණි බවට සැක කරන පූජකවරයකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු බෝම්බකරුගේ බිරියගේ කොල්ලුපිටිය, මල්පාර සුඛෝපභෝගී දෙමහල් නිවසේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

ඔවුන් පැමිණ තිබූ ත්‍රිරෝද රථයක් මෙන්ම එම නිවෙස තුළ තිබී ඩේ‍රා්නා කැමරාවක්ද පොලිසිය භාරයට ගත් බව පොලිසිය කියයි.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන මරාගෙන මැරුණු බෝම්බකරුගේ බිරියගේ නිවෙසට සැකකටයුතු කිහිපදෙනකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසිය එම නිවෙස වටලන අවස්ථාවේදී පැමිණි පුද්ගලයන් පිටවී යෑමට පිටතට පැමිණෙමින් සිටි බව පොලිස් නිලධාරියකු පැවැසීය.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණියේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාන් අහමඩ් නමැත්තාට පින් ලබාදීමට දැයි සොයා සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් පූජකවරයා කොටහේන පදිංචිකරුවකු බවත් අනෙකුත් පිරිස මාලිගාවත්ත පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

කොළඹ _ එම්.සී. පෙරේරා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top