Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 14
3,261
Views

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක හා ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ  අවිශ්ක ගුණවර්ධන ඊයේ  තමාට එරෙහිව ICC ය මගින් එල්ල කල චෝදනා හා ඊට පිළිතුරු දීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා.

එහිදී ඔහු මෙලෙස සිය අදහස් පල කළා.

මෙම චෝදනා පදනම් කරගෙන මගෙන් කිසිඳු කරුණු විමසීමකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාගේ සේවය අත්හිටුවා ඇත.මෙම ඊනියා චෝදනාවෙන් මම නිර්දෝෂී බව මුලින්ම ප්‍රකාශ කරමි.

වයස අවු.11 දී ක්‍රිකට් ආරම්භ කල මා එදා පටන් අද වනතුරු කිසි විටෙක නීති විරෝදී හෝ දුරාචාරී ක්‍රියාවක් කිරීමට නොසිතුවෙමි.

මම සම්ප්‍රදායික පවුලකට අයත් බවත් ඔවුන් මගේ ජීවිතයේ වැදගත්ම සාධනකබවත් මම එම ආභාෂයට විරුද්ධව සුළුවෙන් හෝ ක්‍රියා කලහොත් මාගේ දෙමාපියන්ට මාගේ බිරිඳට මාගේ සොහොයුරියට මහත් සෝකයක් වනු ඇත.

ඒ මගේ ආදරණීය කුඩා දියණියන් දෙදෙනා සඳහා වැරදි පුර්වාදර්ශයක් සපයනු ඇත.

මේ අවස්තාවේදී අවිශ්ක  ගුණවර්ධන ඉතා සංවේදී වුවා.

එමනිසා මගේ නිර්දොශී බව ඔප්පු කිරීම වෙනුවෙන් මම සටන් කරද්දී අඩුම තරමේ එය ඉවරවනතුරු වත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුලින් මාව වැරදිකරුවකු කරන එකෙන් වැළකී සිටින මෙන් මෙම සටනට සහයෝගය දෙනු ඇති මම හුදෙක් බලාපොරොත්තු වෙමි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top