Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 14
974
Views
“මම තමයි ඔරිජිනල්, මෝදි මං වගේ කෙනා”යැයි ඉන්දීය අගමැති සමාන පෙනුමක් ඇති අබිනන්දන් පතක් පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උස මහත, හැඩරුව, අඳින පළඳින ආකාරය මෙන්ම සුදු රැවුලට බෙහෙවින් සමානකම් කියන අබිනන්දන් පතක් 2014 වසරේදී ඔහුට සහාය දුන්නකු යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් පසුගිය අවස්ථාවේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්වූ මෝදි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත්ව ඇතැයි අබිනන්දන් පතක් කියයි.

මෝදි ඇවිදින ආකාරයට ඇවිදින පතක් මේ වනවිට මැතිවරණ රැලිවලට එක්ව සිටින අතර ඔහුට ආරක්ෂකයකු සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පතක් මෝදිගේ අසාර්ථක ප්‍රතිපත්ති සහ ඔහු ඉටු නොකළ පොරොන්දු විවේචනය කරමින් මැතිවරණ රැලිවලට එක්ව සිටී.

ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ හත්වැනි අදියර අද (13) ආරම්භ වූ අතර පතක් ස්වාධීන අපේක්ෂකයකු ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් ව සිටී.

අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ පතක් දැඩි විවේචනයට ලක්ව තිබේ.

“මෝදි ගැන ජනතාව කෝපයෙන් ඉන්නේ. මම යන හැම තැනකදීම ඒක දැනෙනවා” යැයි 58 හැවිරිදි පතක් කියයි.

ඒ.එෆ්.පී

Image result for abhinandan pathak


Image result for abhinandan pathak

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top