Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 11
6,366
Views
ශ්‍රී ලංකාවම කම්පාවට පත් කරමින් පුපුරා ගිය බෝම්බවල බියකරු දෝංකාරය තවමත් ජනතා හදවත් තුළින් මැකී නැත. වසර දහයක් පමණ පුරා නුදුටු පාළු ගතියක් කොළඹ ඇතුළු තදාසන්න නගරවල පැතිර පවතී. ජනතාව පුවත්පත හෝ රූපවාහිනිය දෙස බලන්නේ තවත් බෝම්බයක්ද? යන සැකයෙන් යුතුවය. අනේ අපේ රට යැයි නොසිතන කෙනෙකු නොමැති තරම්ය.

මොකද වෙන්න යන්නෙ? යැයි නිතැනින්ම ඇසෙන ප්‍රශ්නයකි. එහෙත් මේ ප්‍රශ්නය විමසූ විට බොහෝ දෙනකු පෙරළා පැවසුවේ ‘‘ඔබතුමාලා නම් දන්නේ’’ කියාය. ජ්‍යොතිර්වේදීන් යනු අතීතය, අනාගතය හා වර්තමානය දකින පිරිසක් විය යුතුය. ’‘හෙට වන දේ කුමක්දැයි දන්නේ මහා බ්‍රහ්මයා හැර දෛවඥයා පමණකි’’ යන වැකිය ලෝක ප්‍රකට ‘ඇස්ට්‍රොලොජිකල් මැගසින්’ සඟරාවේ ආදර්ශ පාඨය වශයෙන් සටහන් කෙරේ. හෙට විය හැක්කේ කුමක්ද යන්න සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. අපිද අනාවැකි කීවෙමු.

පසුගියදා සිදු වූ අවුරුදු සංක්‍රාන්තිය, ගුරු මාරුව හා රාහු මාරුව පදනම් කර ගනිමින් අනාවැකි කීවෙමු. ‘දිවයින නැකත’ හරහා විශාල සමාජ පරිවර්තනයන් ඇති වන බව කීවෙමු. විදේශීය රහස් සතුරු බලවේග ක්‍රියාත්මක වන බව කීවේ රාහු මාරුව පදනම් කර ගනිමිනි. මෙරට තානාපති සේවා දුර්වල වන බව ද අපි කීවෙමු. විදේශීය රහස් සතුරු බලවේග මේ රට තුළ ක්‍රියාත්මක වන බව කීවේ රාහු ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ සතුරු ස්ථානයේ ගමන් කරන විටය. රාහුගෙන් මුස්ලිම් රහස් සංවිධාන සංකේතවත් කරයි. හයවැන්න කේන්ද්‍රයේ රහස් සතුරන් නිවේදනය කරයි. මේ තත්ත්වය උදා වූයේ වසර එක හමාරකට පෙරය.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කරන බව කීවේ ද රාහු විද්‍යාස්ථාන ගත වීම නිසාය. අපි මේවා රූපවාහිනිය මගින් ද කීවෙමු. මේ ලිපිය මේ අනාවැකි හුවා දැක්වීමට නොව පවතින තත්ත්වය ලෝක ප්‍රකට අනාවැකිකරුවන් ප්‍රකාශ කර තිබේ ද යන්න විමසා බැලීම පිණිසය.

පෙර රජ දරුවන්ද දෛවඥයා විසින් දෙනු ලබන උපදෙස් පිළිපැදීය. දෛවඥයකු නොමැති රජු අන්ධයකු සේ ඔබ මොබ යන්නේ යැයි පුරාණ ග්‍රන්ථවල සඳහන් කර තිබේ.

ලොව ප්‍රකට අනාවැකිකරුවන් රාශියක් සිටිය ද මෙම ලිපියට ඉන් අතිදක්ෂ තිදෙනකුගේ අනාවැකි විමසා බලන්නේ ලිපිය දීර්ඝ වන බැවිනි. මෙම තිදෙනා වසර සියයකින් පමණ වෙනස්ව මෙලොව පහල වුව ද අනාවැකි බොහෝ දුරට සමානය.

මෙයින් නොස්ට්‍රඩාමුස් (NOSTRADAMUS) යන නම කැපී පෙනේ. ඊට හේතු වන්නේ වසර 7000 පමණ කාලය ඇතුළත සිදුවන දේ ඔහු විසින් ලේඛනගත කර තැබීමත් ඒ අනාවැකි රාශියන් සත්‍ය බවට ඔප්පු වීමත්ය.

වර්ෂ 1503 දී ප්‍රංශයේ උපන් නොස්ට්‍රඩාමුස් අනාවැකි කීම සඳහා ජ්‍යොතීර් විද්‍යාව යොදා ගෙන ඇති අතර පලිඟු බෝලයන් හා රිදී කැඩපතක් ද භාවිතා කර ඇතැයි කියැවේ. සිවුපදවලින් ලියා ඇති මෙම අනාවැකි ගණනාවක් මේ වනවිට සත්‍ය වී ඇත. ඩයානා කුමරියගේ අභාවය, ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඝාතනය කිරීම, ඇමරිකාවේ ආර්ථික මධ්‍යස්ථානයට පහරදීම මේ කලින් ලියා තිබූ අනාවැකි අතරට එක් වෙයි.

නොස්ට්‍රඩාමුස් ගේ අනාවැකි අතර ක්‍රිස්තු විරෝධියකු ගැන කියැවේ. මෙවැනි ක්‍රිස්තු විරෝධීන් තිදෙනකු ගැන ලියා ඇත. ඒ හිට්ලර් හා සදාම් යනුවෙන් හඳුනා ගෙන ඇති අතර තුන්වැන්නා බිහි වෙමින් පවතී. මෙම ක්‍රිස්තු විරෝධියා (Antichrist) මැද පෙර දිගින් බිහි වන බවත් ඒ මගින් යුද්ධ හා මිනිස් ඝාතන රාශියක් සිදුවන බවත් නොස්ට්‍රඩාමුස් කියා ඇත. කෙසේ නමුත් මෙය තුන්වන ලෝක යුද්ධයන් ලෙස හඳුන්වා ඇතත් දේශපාලනික නොව ආගමික සටනක් බව සඳහන් වේ.

මෙයින් අනතුරුව ලෝක ත්‍රස්තවාදය ගැන කියන්නේ වසර 1911 දී මැසිඩෝනියාවේ උපන් බබා වන්ගා නම් (Baba Vanga) විශිෂ්ට අනාවැකි පළ කරන්නිය වේ. සමකාලීන ලෙනින් ගේ රාජ්‍යය තුළ ආගම හා අනාවැකි පළ කිරීම තහනම් වුවද ඇයගෙන් අනාගතය දැන ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයන් විශාල පිරිසක් පැමිණි බවත් කියා තිබේ. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගිහින් අයිස් කඳු දියවන බව ඇය 1950 දී කීවා. ඒක සත්‍යයක් බව ඔප්පු වුණා. සුනාමි රළ නිසා ඇති වන විනාශය ගැනත් ඇය කියා තිබුණා. ඒ වගේම ඇමරිකාවේ ආර්ථික මධ්‍යස්ථානයට පහරදීම ගැනත් කියා තිබුණා. මේ සියල්ල සත්‍ය වුණා.

මැද පෙරදිග රටකින් තුන්වන ලෝක යුද්ධය ආරම්භ වෙනවා කියලා ඇය කියා තියනවා. මේ යුද්ධයට මුල් වෙන්නෙ ඉස්ලාම් මූලධර්මවාදී කැරලිකරුවන් පිරිසක් බවත් මුළු යුරෝපයම එකම තාලිෆ්වරයකු යටතේ පාලනයට යටත් වන බවත් ඇය කියනවා. ඔහු ෂරියා නීතිය යටතේ දැඩි පාලනයක් රැගෙන යන බවත් කියැවෙනවා. මේ සිදුවීම් 2016 සිට උදාවන බව අනාවැකිය අනුව පැවසෙනවා.

ඉතින් නොස්ට්‍රඩාමුස් වගේම බබා වන්ගාන් කියන්නේ මැදපෙරදිගින් යුද්ධයක් ආරම්භ වන බවයි. ඒ තුන්වන ලෝක යුද්ධයයි.

ඊළඟට අපිට අහන්න ලැබෙන්නේ තවත් ලෝක ප්‍රකට අනාවැකිකරුවෙක් ත්‍රස්තවාදය ගැන කියලා කියන දේවල්. ඒ තමා 1877 දී ඇමරිකාවේ උපන් එඞ්ගාර් කේසී (Edgar Cayce) කියන විශිෂ්ට පුද්ගලයා. ඔහු මියගියේ 1945 වසරේදී වුණත් ස්වයං මෝහන නිද්‍රාවට පත් වෙලා ඔහු රෝගීන්ගෙන් ලෝකයේත් අතීතය හා අනාගතය ගැන ඉතාම නිවැරදි අනාවැකි කීවා. වසර 2008 දී අන්තවාදී සංවිධාන බිහිවන බවත් 2011 දී ඔවුන් අන්‍යාගමික ආගමික ස්ථානවලට පහරදීම කරන බවත් ඔහු කියා තිබෙනවා. ඉන්පසුව මැදපෙරදිග විශාල යුද්ධයක් ආරම්භ වන බවත් ඇමරිකාව, චීනය හා ජපානය පවා ඊට පැටලෙන බවත් කියැවෙනවා.

මේ අනුව මේ විශිෂ්ට අනාවැකිකරුවන් තුන් දෙනාම කියන්නේ මේ කාලය වනවිට ඉස්ලාම් අන්තවාදී සංවිධානයන් මගින් ත්‍රස්ත ප්‍රහාර දියත් කරන බවයි. දැනට ශ්‍රී ලංකාවේ සිදු වන්නේ මේ අනාවැකිවලින් පළ කරපු දේවලින් කොටසක් බව පැහැදිලිව පේනවා.

නැවතත් මේ ප්‍රශ්නය පිළිබඳව සලකන විට ඉහත ලෝක ප්‍රකට අනාවැකිකරුවන් තිදෙනාටම පොදු අනාවැකියක් වන්නේ මේ කාලයේ සිදුවන ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවයි. ඉස්ලාම් රාජ්‍යයන් බිහි කිරීම උදෙසා ක්‍රියා කරන මොවුන්ගේ ප්‍රහාර ලෝකය පුරාම දියත් වෙනවා ඇත. දැනටමත් එය ආරම්භ වී තිබේ. මේ නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා ද ජාතීන් අතර සමගියත් සහ පොදු එකඟතාවත් මත කටයුතු කිරීම අවශ්‍ය වන්නේය.

ඉස්ලාම් ජාතිකයන්ගේ සමහර ක්‍රියාකාරකම් නිසා ඔවුන් පැරදවීම ඉතා දුෂ්කරය. වරෙක වජ්ජීන් පරාජය කළ නොහැකි වන බව බුදුන් වහන්සේ වදාළේ ඔවුන් සප්ත අපරිහානිය ධර්ම (නොපිරිහෙන ධර්ම 7* අනුගමනය කරන නිසාය. මේවා අනුගමනය කරන කවුරුත් බලවත් වීම හා පරාජය කිිරීමට අපහසු වීම පුදුමයක් නොවේ.

නිතර රැස්වීම, සමගියෙන් රැස්වීම, සමගියෙන් විසිර යෑම යන අංග තුන පමණක් වුවද අනුගමනය කරන්නේ ‘අපි ථේරවාද බෞද්ධයන්’ යැයි කියා ගන්නා සිංහලයෝ් නොවෙති. එහෙත් ඉස්ලාම් භක්තිකයන් මේවා අනුගමනය කරන බව රහසක් නොවේ.

සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව තුළින්ම මේ තත්ත්වය පෙනේ. සමහර විටෙක රටේ වැදගත් තීරණ හෝ ආරක්ෂාව ගැන කටයුතු කරන එතැන පාසල් ශිෂ්‍යයකුට පවා පැමිණිය නොහැකි අසභ්‍ය වචන, කෑකෝ් ගැසීම්, බාධා කිරීම් කරන එකිනෙකා කා කොටා ගන්නා අමිහිරි ස්ථානයක් බවට පත්ව තිබේ. තමන්ගේ පරපුර තත්ත්වය හා ධනය හැර ජනතාව ආරක්ෂා කිරීමේ සැබෑ උවමනාවක් පාලකයන්ට තිබේ ද යන්න මෙවර මනාව පැහැදිලි විය.

මේ තත්ත්වය ද ලෝක ප්‍රකට අනාවැකිකරුවන් කල් ඇතිවම පවසා තිබේ. මේ අනුව නම් වැඩි කාලයක් ගත වීමට පෙර ජනතාව විසින අවස්ථාවාදී බලලෝභී දේශපාලනඥයින් හඳුනා ගන්නවා ඇත. මේ ගැටුම් ත්‍රස්ත ක්‍රියා සමථයකට පත් කිරීමට ලෝකය පුරා සිටින බලලෝභී පාලකයන් සමත් වන්නේ නැත. මේ තත්ත්වය ජනතාව නුදුරු අනාගතයේදී තේරුම් ගන්නවා ඇත.

නොස්ට්‍රඩාමුස්ට අනුව නම් මේ තත්ත්වය සමනය කරන්නේ එක්තරා ලෝක බලවතෙකු විසින්ය. ඒ රුසියානු නායකයකු බවට අනුමාන කෙරේ.

ඉන්පසුව අධ්‍යාත්මික වශයෙන් ඉතා උසස් තත්ත්වයකට පත් වූ අධ්‍යාත්මික නායකයකු ඉන්දියාව ආශ්‍රිතව බිහිවන බවත් ජනතාව මේ නායකයා අනුගමනය කරන බවත් දූෂිත දේශපාලකයන් තුරන් වන බවත් නොස්ට්‍රඩාමුස්ගේ අනාවැකිවල සඳහන් වේ.

ක්‍රිස්තු විරෝධී සටන ආරම්භ වූවා පමණි. මෙය වතිකානුව දක්වා පැතිර යනවා ඇත. මේ භයානක මරණ තර්ජනයෙන් වැළකිය හැක්කේ ධර්මය අනුගමනය කිරීමෙන් පමණි. ‘සප්ත අපරිහානිය ධර්ම’ සෑම නායකයකු විසින්ම ඉගෙනගත යුතුය. විශේෂයෙන්ම නිතර රැස්වීම, සමගියෙන් රැස්වීම, සමගියෙන්ම විසිර යෑම, නීතිගරුක වීම, අත්‍යාවශ්‍ය වන්නේය.

මෙසේ නොකළහොත් ජාතිය අනතුරේය. නැව සිදුරු වී ඇතුළට ජලය ගලා එයි. එය ඉක්මනින්ම ගිලෙන්නට ආසන්නය. මේ අතර නැවේ කපිතාන් ඇතුළු පිරිස එකිනෙකාට බැන ගනී. අවලාද නඟයි. පරුෂ වචනයෙන් බනියි. වගකීම අහවලාගේ යැයි කියයි ශ්‍රී ලංකාව ද ගිලෙන නැවත තත්ත්වයට පත්ව තිබේ. දේශප්‍රේමී, රටට මෙන්ම ජනතාවට ද හිතවත් ඉතා සුළු නායකයන් කිහිප දෙනාට රට භාරය.

කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top