Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 08
3,127
Views

දොළොස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා තව ඇත්තේ මසකටත් වඩා අඩු කාලයකි. මැයි 30 වැනි දින එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයකින් ලන්ඩනයේ ඕවල් ක්‍රීඩංගණයේදී ඇරඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන්නේ ජූලි 14වන දින ලන්ඩනයේ සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයෙනි. මෙවර ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායම පිළිබඳව විවිධ අනාවැකි දැන් සිටම පළවෙමින් පවතී. මේ එබඳු අනාවැකි කිහිපයකි.

මෙයට කලකට පෙර වේග පන්දු යවන්නන් සඳහා හිතකරව තිබූ එංගලන්තයේ තණතිලි කාලයක් පුරා වෙනස්කම්වලට භාජනය වෙමින් මේ වනවිට පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති පසුබිමක බටහිර ඉන්දීය කොදෙව් පිලේ පුහුණුකරු වන ෆ්ලොයිඩ් රිෆර් තම අදහස් පළ කරමින් පැවැසුවේ මෙවර පන්දු යවන්නන්ට විශාල කාර්යභාරයක් සිදුකිරීමට ඇති බවය. එබැවින් පිතිකරණයටත් වඩා මනාව පන්දු යවමින් පන්දු රැකීමේ නිරත වන කණ්ඩායම් මෙවර ලෝක කුසලානයට සමීප වනු ඇති බවට විශ්වාසය පළ කරන රිෆර් සෙසු කණ්ඩායම් හා සසදා බලන කල බටහිර ඉන්දීය කණ්ඩායම තුළ පවතින අනේ‍යා්න්‍ය සම්බන්ධතාව ඔවුන්ට තරගාවලිය තුළ සෑහෙන දුරක් යෑමට ඉවහල් වනු ඇතැයි සඳහන් කළේය.

තමන් අපේක්ෂා කරන අයුරින් මේ වනවිට දක්ෂතා අතර සිටින ක්‍රිස් ගේල් සහ ඇන්ඩ්‍රි රසල් තම වගකීම් මනාව ඉටුකළහොත් කුසලානය වෙත සමීපවීම එතරම් අපහසු නොවන බව රිෆර්ගේ විශ්වාසය වී තිබේ.

නමුත් හිටපු බටහිර ඉන්දීය ක්‍රිකට් නායකයකු වූ බ්‍රයන් ලාරා දක්වන්නේ මීට හාත්පසින්ම වෙනස් අදහසකි. ඔහු පවසන අන්දමට සර්ෆ්‍රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබන පකිස්තානු කණ්ඩායම තරගාවලියේදී නොසිතූ දෙයක් සිදුකරන කණ්ඩායම බවට පත්වීමට ඇති හැකියාව සුළුකොට තැකිය යුතු නොවේ. කෙසේවුවද ලාරාගේ අදහස වී ඇත්තේ අවසන් මහා තරගය සඳහා එළැඹීමට වැඩිම ප්‍රවණතාවක් ඇත්තේ සත්කාරක එංගලන්තයට සහ ඉන්දියාවට බවයි. ඉන්දියාවේ ජයග්‍රහණය සඳහා රෝහිත් ෂර්මා සහ විරාත් කෝලිගේ දායකත්වය බෙහෙවින් බලපානු ඇති බවද ලාරා සඳහන් කරන්නේය.

මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වන පකිස්තානු කණ්ඩායම ශක්තියෙන් මෙන්ම ජනප්‍ර්‍රියත්වයෙන්ද අවම කණ්ඩායමක් වුවද තමන්ගේම ආරෙකට ක්‍රීඩාවේ නිරත වන ඔවුන් ඇදහිය නොහැකි අයුරින් විස්මිත ලෙස සාර්ථකත්වය කරා එළැඹෙන කණ්ඩායමක් වන බැවින් ඔවුන් පිළිබඳ අනාවැකි පැවසීම ඉතා අසීරු බව ඇතැම් විචාරකයෝ පවසති.

මේ අතර ශ්‍රී භධපච.ජධථ නමැති වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එංගලන්තය සහ ඉන්දියාව අතරය. පූර්ව අවසන් තරග සඳහා ජාත්‍යන්තර එක්දින ශේ‍ර්ණිගත කිරීම්වලට අනුව 2 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාව, 1වැනි ස්ථානයේ පසුවන එංගලන්තය, 3 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව සහ 6 වැනි ස්ථානයේ පසුවන පකිස්තානය තරග වදිනු ඇති බවද ශ්‍රී භධපච.ජධථ සඳහන් කරයි. එසේම ලබාගන්නා ලකුණු අනුව පිළිවෙළින් ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, පකිස්තානය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බටහිරඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය සිටිනු ඇති බව ද අවසන් පූර්ව තරග දෙක ඉන්දියාව හා පකිස්තානය අතරත්, එංගලන්තය හා දකුණු අප්‍රිකාවත් අතර පැවැත්වෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

එංගලන්තය        5/2

ඉන්දියාව             3/1

ඔස්ට්‍රේ්ලියාව        4/1

නවසීලන්තය        10/1

දකුණු අප්‍රිකාව         10/1

පාකිස්තානය        14/1

බටහිර ඉන්දීය කොදෙව්    18/1

ශ්‍රී ලංකාව        50/1

බංග්ලාදේශය        100/1

ඇෆ්ගනිස්තානය         100/1

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top