Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 07
3,297
Views

ඇතිමලේ යනු පසුගිය වසර 30 ක ආසන්න කාලයක් යුද්ධයෙන් බැට කෑ ගම්මානයකි. යුද බිය ඇවිළී රාත්‍රි කාලයේ තම ජිවිතය බේරා ගැනීම සඳහා කැලෑගතව සිට ආරක්ෂාව තහවුරු වූ පසුව දිවා කාලයේ නිවසට පැමිණීම ඔවුන්ගේ චාර්යාවක් වී තිබුණේය. එවන් යුද බිය පැවැති ගම්මානයක ඉපදුනු විරෝදාර පුද්ගලයකු පසුගියදා රටේ සිදුවීමට තිබූ ව්‍යසනයක් වළක්වා ගැනීමට සමත් විය. ඔහු අන් කෙනෙක් නොව කල්මුනේ පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ පොලිස් නිලධාරියා ද වන (දැනට සැරයන් තනතුරට උසස් කර ඇත.* ඩබ්. ඞී. සුමින්ද නිහාල් වීරසිංහයි.

පසුගියදා සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සිද්ධිය මුලින්ම ආරක්ෂක නිලධාරියකු හැටියට කන වැකුනේ මොහුටයි. එම ප්‍රදේශයේ තරුණයන් කීප දෙනකු පැමිණ තම ගම්මානයේ සැක සහිත පුද්ගලයන් කීප දෙනකු පැමිණ සිටින බව සැල කර ඇත්තේ මොහුටයි. ප්‍රදේශයේ සැමගේ සිත් දිනාගත් ඉතා කුලූපගව සියලූ දෙනා සමඟ හිතවත්කමක් දක්වන මොහුට මෙම සිද්ධිය එම තරුණයන් සැල කර සිටින්නේය. වහාම ක්‍රියාත්මක වූ ඔහු තම අනෙක් පොලිස් නිලධාරීන් කැටුව එම ස්ථානයට ළඟා වන්නේය. එහිදී නොසිතූ පරිදි වොලිවේරියන් ගම්මානයේ නිවසක සැඟවී සිටි ත්‍රස්තයන් පොලිස් නිලධාරීන්හට වෙඩි තබන්නේය. නිරායුධව සිටි පොලිස් නිලධාරීන් එම වෙඩි තැබීමෙන් බේරී සිද්ධිය පිළිබඳව කල්මුනේ පොලිසියට දැනුම් දෙන්නේය. ඒ අනුව පොලිසිය, හමුදාව හා විශේෂ කාර්ය බළකාය එම ස්ථානයට පැමිණෙනවාත් සමගම දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු සිදුවන අතර පසුව ත්‍රස්තයන් බෝම්බ පුපුරුවාගෙන නිවස තුළම මිය යන්නේය. මේ නිසා රටේ සිදුවන්නට තිබූ විශාල විනාශයක් වැළකී ගියේය. එදා එම පොලිස් නිලධාරියා එතැනට නොගියේ නම් විශාල විනාශයක් සිදුවීම නොඅනුමානය.

1983 වර්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන ඇතිමලේ ගම්මානයේ ඉපදුනු සුමින්ද නිහාල් වීරසිංහට තවත් සහෝදරයන් දෙදෙනකු සිටී. ගොවිතැන් කර දුක් මහන්සියෙන් තමන්ට තම දෙමාපියන් ඉගැන්වූ බව ඔහු පවසයි. ඇතිමලේ මහ විදුහලේ අධ්‍යාපනය ලැබූ ඔහු පොලිසියට එක් වන්නේ 2009 වසරේදීයි.

2015 වසරේ කල්මුනේ පොලිසියට ස්ථාන මාරු වීම් ලැබ පැමිණ මොහු රථවාහන අංශයේ රාජකාරි කළ අතර ප්‍රදේශයේ සියලූ දෙනාගේ සිත් දිනාගත් පොලිස් නිලධාරියෙකි. අද ඔහු නොසිටින්නට සයින්දමරුදු හෝ ඒ අවට ප්‍රදේශයේ විශාල විනාශයක් වීමට ඉඩ තිබිණි.

මෙම සිද්ධියෙන් අනතුරුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහු සැරයන් නිලයට උසස් කර ඇත. ඔහු නිහතමානීව පවසා සිටින්නේ සායින්දමරුදු ප්‍රදේශයේ තරුණයන් දේශප්‍රේමීන් බවය. තම වර්ගයාම රටට විනාශයක් කිරීම සඳහා පැමිණි සිටි අවස්ථාවක ඔවුන් ගැන තොරතුරු ලබා දීම ඔහු අගය කරන අතර එම තරුණ පිරිස් මේ පිළිබඳව අවධානයෙන් නොසිටින්නට කුමකින් කුමක් සිදුවේද යන්නයි.

කල්මුනේ - ආර්. ශ්‍රීවේල්රාජා
දිවයින 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top