Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 07
9,999
Views

බිරිඳ අනියම් සැමියකු සමඟ සිටියදී ස්වාමි පුරුෂයා පැමිණ පොල්ලකින් පහරදීමෙන් අනියම් සැමියා මියගොස් ඇති පුවතක් හොරණ පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අංක 61/බී, දඹර, මීවන පලාන ලිපිනයේ පදිංචි දිනේෂ් රංගික නමැති 33 හැවිරිදි දෙදරු පියෙකි. 

ගුරුගොඩ, මල්බෙරිගම ප්‍රදේශයේ නිවසක ස්වාමි පුරුෂයා නොමැති අතරේ අනියම් පුරුෂයා නිවසට ගෙන්වාගෙන සිටියදී ඉකුත් 05 වැනිදා රාත්‍රි 11.00 ට පමණ ස්වාමි පුරුෂයා නිවසට පැමිණ ක්‍රිකට් පිත්තකින් අනියම් පුරුෂයාගේ හිසට පහරදී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

පහරකෑමෙන් පසු තුවාලකරු හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 

මොවුන් දෙදෙනාම ළඟ හිතවත්කමක් ඇති මිතුරන් දෙදෙනෙක් බවත් නිවසේ එක්ව මත්පැන් සාදයන් පවත්වා ඇති බවටත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. 

මියගිය අය ස්වාමි පුරුෂයා මත්පැන් සාද පවත්වන අතරතුරේ බිරිඳ සමඟ හිතවත්කමක් ගොඩනඟාගෙන ඇති බැව් පැවසේ. 

පහරදීම සිදුකළ 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය. 

හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ මෙහෙයවයි.

බණ්ඩාරගම - ආර්. ඒ. එස්. ප්‍රේමතිලක

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top