Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
3,087
Views
වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස හැදින්වෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ඉකුත් මස 7 වෙනි ඉරු දින උදැසන ඇතුල්විමට උත්සහ කල දෙදෙනෙකු සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

සුදු ඇදුමින් සැරසුනු දෙදෙනෙකු හිස් වැසුම් සහිතව එදින උදැසන 7 ට පමණ පැමිණ දෙවස්ථානය නැරඹිමට අවශ්‍යය බවත්, දේවස්ථානය තුලට හිස්වැසුම පැළද ඇතුල් විය හැකිය යන්න එම දේවස්ථානයේ සේවය කරන සේවකයෙකුගෙන් විමසා ඇත.

එම සේවකයා විසින් හිස්වැසුම පැළම දේවස්ථානය තුල ඇතුල් විමට නොහැකි බව දැනුම් දිමේ පසු එම සැකකරුවන් දෙදෙනා දේවස්ථාන භුමියෙන් පිටව ගොස් ඇත.

ඉරිදා දේව මෙහෙයන්ට වතුකරයේ විශාල කිතුනු බැතිමතුන් පිරිසක් එම දේවස්ථානයේ සිංහලින් සහ දමිල බසින් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහභාගි වෙයි.

21 දින පස්කු ඉරුදින සිදු කල ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග හැටන් ශ්‍රි කුරුස දේවස්ථාන වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා පිලිබදව සැකසිති එම කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් වන නිව්මන් පිරිස් පියතුමන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර එම සැකකරුවන් දේවස්ථාන භුමියට පැමිණ විපරම් කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබු දර්ශනද පොලිසිය වෙත භාර දි ඇත.

අංශ කිහිපයක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පරික්ෂණ ආරම්භ කර ඇති අතර එම දේවස්ථානයට මේ වන විට දැඩි ආරක්ෂාවක් ලබා දි ඇත.

එම දේවස්ථානයේ ආරක්ෂාව පිලිබදව සොයා බැලිමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා එම දේවස්ථානයට පැමිණි ප්‍රධාන පියතුමණ් සමග සාකච්ඡා කර රජයට දැනුම් දි දේවස්ථානයේ ආරක්ෂාව තර කිරිමට කටයුතු කරන බව දැනුම් දි ඇත.

හැටන් නගරය හරහා එම සැකකරුවන් දෙදෙනා තවත් පිරිසක් සමග ගමන් කරන අයුරු නගරයේ සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ හැටන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top