Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
2,010
Views
කුරුණෑගලදී වෑන් රථයක් එක්වරම ගිනිගෙන අළුවී ගිය හැටි CCTV කැමරාවේ "

කුරුණෑගල ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ගින්න හේතුවෙන් වෑන් රථයේ ගමන්කළ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ වෑන් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය අසල නතර කර මගීන් ඉන් බැස තිබෙනවා.

එම අවස්ථාවේදීයි එක්වරම වෑන් රථයට ගිනි ඇවිලීගොස් ඇත්තේ.

පසුව කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩපවත්වා කිරීමට සමත්වූවා.

මෙලෙස ගිනිගෙන ඇත්තේ පැල්ලන්දෙණිය කීනගස්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් වෑන් රථයක්.

කුරුණෑගල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top