Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
1,054
Views
මොහොමඩ් සහරාන්ගේ දේශණ සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ පුද්ගලයන්ගේ ඡායාරූප කිහිපයක් ඇතුලත් ලැප්ටොප් පරිගණකයක් සමග නිට්ටඹුව කහටෝවිට ප්‍රදේශයේ නිවසක දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඩ්‍රෝන කැමරාවක්, එහි දුරස්ථ පාලකය සහ පරිගණක දෘඩ තැටි 3ක් ද අදාළ නිවසේ තිබී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

පසුගියදා සිදුවු බෝම්බ පිපිරීම්වලින් පසු රජය විසින් ඩ්‍රෝන කැමරා ගුවන්ගත කිරීම තහනම් කර තිබියදීත් එම නියෝග නොතකා ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් ලැබුනු තොරතුරකට අනුව සිදුකළ විමර්ශණයකදීයි සැකකරු සහ මෙම උපකරණ සොයාගෙන ඇත්තේ. 

සිද්ධිය පිළිබඳ නිට්ටඹුව පොලිසිය විමර්ශණ සිදු කරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top