Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
1,940
Views
දෙවන පාසල් වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම නිසා මග හැරුණු විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා අගෝස්තු නිවාඩු කාල සීමාව කෙටි කිරීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. 

දෙවන පාසල් වාරය පසුගිය 22 වනදා  ආරම්භ විමට නියමිතව තිබූ නමුත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් එය ලබන 06 වනදා දක්වා කල් දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.  

මේ අතර, ජාතික හෙළ උරුමය ද අද (02) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ රට, අරාබිකරණය වීමට ඉඩ නොදිය යුතු බවයි.  

පසුගියදා සිදුවූ ප්‍රහාරවලට සම්බන්ධ වැරදිකරුවන්ට, දේශපාලන හිතවත්කම් ඉවත දමා දඬුවම් ලබාදිය යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. 

ඒ, කොළඹ අද කැඳවා තිබූ තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, යෝජිත ප්‍රතිත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් රට විනාශ වීමට ඉඩ ලබා නොදෙන බවයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළේ. 

කොළඹ ඊයේ (01) පැවති ව්‍යාපාරික හමුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top