Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
1,530
Views
ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම පිළිබද තීන්දුව ලබාදීම මේ මස 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.

මාකඳුරේ මධුෂ්, නීතීඥයන් පිරිසක් මාර්ගයෙන් ඩුබායි අධිකරණයේ මීට පෙර පෙත්සම ගොනු කරනු ලැබුවේ තමන්ට ජීවිත තර්ජන ඇති හෙයින් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින්.

ඒ අනුව එරට අධිකරණය මීට පෙර දැනුම් දුන්නේ අදාළ තීන්දුව අද ලබාදෙන බවයි.
 
කෙසේ වෙතත් එම තීන්දුව ලබාදීම මේ මස 9 වනදා දක්වා කල් දැමීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top