Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
305
Views
සූරියවැව - හම්බන්තොට අඩි 100 මාර්ගයේ නඹඩගස්වැව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 70 හැවිරිදි, පස් දරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටිපර් රථයක් පාපැදියක ගැටීමෙන් ඊයේ (01) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර එම තත්වය පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අලව්ව - මහාරච්චිමුල්ල අතුරු මාර්ගයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ යතුරුපැදිකරුට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගේට්ටු කණුවක ගැටී ඇති බවයි. 

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු අලව්ව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යතුරුපැදිකරු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කෙරුණා. 

එහිදී ජීවිතක්ෂයට පත්වුණේ තැප්පිටිවලාන - හෙණ්ඩුවාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top