Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
1,283
Views
අලුත්ගම - දර්ගා නගරය ආශ්‍රිතව මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා. 

ඒ, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ මැදිහත්වීමෙන්. සැකකටයුතු පුද්ගලයින් සහ භාණ්ඩ පිළිබඳව සොයාබැලීම වෙනුවෙන් අද (02) අලුයම මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කළ බවයි පොලීසිය සඳහන් කළේ. 

මේ අතර බෙලිඅත්තේ සිට කොළඹ - කොටුව බලා අද (02) උදෑසන ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී හදිසි පරීක්ෂාවකට ලක්  කෙරුණා. 

ඒ, එම දුම්රියේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට දුම්රිය පාලක මැදිරියට ලද දුරකථන ඇමතුමකට අනුවයි. 

කෙසේ වෙතත් පොලීසිය සහ දුම්රිය ආරක්ෂක අංශ එක්ව සිදුකළ එම පරීක්ෂාවේදී එවැනි පාර්සලයක් හමු නොවූ අතර, පසුව දුම්රිය ප්‍රමාද වී කොළඹ - කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top