Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
1,275
Views
සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුගාටි සමාගම නිශ්පාදනය කළ ලොව මිල අධිකම මෝටර් රථය (Bugatti La Voiture Noir) මිලදී ගෙන තිබෙනවා. 

පවුම් මිිලියන 9.5ක් වටිනා මෙම මෝටර් රථය රොනාල්ඩෝ මිලදීගෙන ඇති බවයි බුගාටි සමාගම සඳහන් කර ඇත්තේ. 

මෙය මෙතෙක් නිශ්පාදිත මිල අධිකම මෝටර් රථය ලෙසට සැලකෙනවා. 

පසුගියදා ජිනීවා නුවර පැවති මෝටර් රථ ප්‍රදර්ශණයකදීයි මෙම රථය පළමුවරට එළිදැක්වුනේ. 

ප්‍රශ සමාගමක් වන බුගාටි සමාගම මෙම මිල අධිකම රථය නිශ්පාදනය කර ඇත්තේ ඔවුන්ගේ 110වන සංවත්සරය වෙනුවෙන්. 

අදාළ රථය වොක්ස්වැගන් සමාගමේ හිටපු සභාපතිවරයා මිලදී ගත් බවට මීට පෙර වාර්තා පළවුව ද ස්පාඤ්ඤ මාධ්‍ය අනාවරණ කර ඇත්තේ එහි හිමිකරුවා සුපිරි පාපන්දු ශූර රොනාල්ඩෝ බවයි. 

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම රථයේ හිමිකරුවාට 2021 වසර වන තෙක් මෙම රථය පැදවීමට අවස්ථාව නොලැබෙන බවයි.

අවසන් කිරීමට තවත් වැඩ කිහිපයක් තිබීම ඊට හේතුව බවටයි වාර්තා වන්නේ. 

රොනාල්ඩෝ සතුව තවත් සුඛෝපභෝගී මෝටර් රථ රැසක් ද පවතිනවා. 

මර්සිඩීස් සී පංතියේ ස්පෝර්ට්ස් කූපී, රෝල්ස් රොයිස් ෆැන්ටස්, ෆෙරාරි, ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, මැක්ලරන් මෙන්ම බෙන්ට්ලි නම් මෝටර් ර්ථද ඔහුගේ සුපිරි මෝටර් රථ එකතුවට අයත්. (Ujn Ferrari 5999 GTO, Lamborghini Aventador LP700-4, Mercedes Clase C Sport coupe, Rolls Royce Phantom,  Mclaren MP4 12C, Bentley Continental GT, Aston Martin DB9)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top