Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 01
716
Views
ගම්පොළ වෙළඳසැලක් තුලදී පසුගියදා අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයින් දෙදෙනෙකු සැඟව සිටි ස්ථානයේ තිබී එම සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දේශන ඇතුළත් දෘඩ තැටියක් හමුවී තිබෙනවා.

අයි.එස්. සාමාජිකයින් සිරියාවේ පුහුණුව ලබන වීඩියෝ, විහාරස්ථානවල ඡායාරූප හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණුකරණ ආකාරය දැක්වෙන වීඩියෝපට එහි අන්තර්ගත බවයි පොලීසිය සඳහන් කළේ.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යයට නිකුත් කළ සැකකරුවන් අතර සිටි මොහොමඩ් සාදික් අබ්දුල්හක් සහ මොහොමඞ් ශාහිඩ් අබ්දුල්හක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 27වනදායි.

සොහොයුරන් වන මොවුන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ද වනවා.

පිටතින් ඉබි යතුරු දමා වසා තිබූ ගම්පොල නගරයේ පාවහන් වෙළඳසැලක් තුළ සැඟව සිටියදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනා.

ගම්පොල පොලීසියේ කණ්ඩායමක් අද පෙරවරුවේ එම වෙළඳසැල පිහිටි තෙමහල් ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

එහි දෙවන මහලේ තිබූ සපත්තු මහන මැෂිමක් තුළ සඟවා තිබියදීයි මෙලෙස දෘඩ තැටිය සොයා ගැණුනේ.

පොලීසිය සදහන් කළේ මෙලෙස සොයා ගත් දෘඩ තැටියේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දේශන කිහිපයක් ද ඇතුළත් වූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් බාල සොහොයුරා වන මොහොමඩ් ශාහිඩ් අබ්දුල්හක් දින 58 ක කාලයක් සිරියාවේ යුද පුහුණුවක් ලබාඇති බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මීට අමතරව පොලිස් භාරයට ගත් දෘඩ පටයේ ඇතුළත් සෙසු වීඩියෝ පට අතර මරාගෙන මැරෙන බෝම්බ සැකසීම, යුධ උපකරණ සැකසීම, අයි එස් නායකයින් සිදුකරන දේශන, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පුහුණු කිරීමේ දේශන ඇතුළත්.

මීට අමතරව, මෙරට විහාරස්ථානවල ඡායාරූප, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඡායාරූප අඩංගු කර සැකසූ ලියවිලි සහ භික්ෂුන් වහන්සේ මෙන්ම බෞද්ධ සංවිධානවල නියෝජිතයින්, ඉස්ලාම් සංවිධානවල නියෝජිතයින් සමග සිටින ඡායාරූප ද ඇතුළත්.

එසේම පසුගිය 27 වනදා අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස සැළකෙන, බෝම්බ සඳහා පරිපථ සකස් කළ වායු සමීකරණ අලුත්වැඩියාකරුවෙකු වූ මොහොමඩ් ෆාරුස් හවාස් නමැත්තාගේ බවට සැකකරන ඡායාරූප කිහිපයක් ද එහි ඇතුළත්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top