Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 22
4,748
Views
කොළඹ ප්‍රධාන හෝටල් ත්‍රිත්වයක සහ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක ඊයේ (21) පිපිරීම් සිදුවුණා.

ඒ, ෂැංග්‍රිල්ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංස්බරි සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් යන හෝටල් පරිශ්‍ර තුළයි.

පිපිරීම්වලින් වැඩිම හානියක් සිදුවූයේ ගාලුමුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලයටයි.

කොළඹ ගාලුමුවදොර ෂැංග්‍රිලා හෝටලයේ පළමු මහලේ මෙම පිපිරීම සිදුවූ අතර, ඒවන විට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එම මහලේ පිහිටි අවන්හලේ උදෑසන ආහාර ගනිමින් සිට තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

මෙම පිපිරීමෙන් ප්‍රවීණ සුපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇගේ දියණිය මියගොස් තිබෙනවා.

ශාන්තා මායාදුන්නේ මහත්මිය සිය පවුලේ සාමාජිකයින් සමග උදෑසන ආහාරය සඳහා හෝටලය වෙත පැමිණ ඇති අතර, එහිදී ලබාගත් ඡායාරූපයක් ඔවුන් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

පිපිරීමෙන් පසු ෂැංග්‍රිලා හෝටලය තුළ රැඳී සිටි සංචාරකයින් ආරක්ෂිතව ඉවත් කිරීමටත් හෝටල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමටත් පියවර ගැණුනා.

ෂැංග්‍රිලා හෝටලය තුළ මෙම බෝම්බ ප්‍රහාරය සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ හිස එම පරිශ්‍රයේ සුන්බුන් අතර තිබී සොයාගෙන තිබෙනවා.

මේ අතර, මෙම පිපිරීම සදහා අදාළ සැකකරු රැගෙන ආ බවට සැක කෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණන් මාවතේදී පොලිස් භාරයට ගෙන ඇත්තේ එහි රියදුරු ද සමඟින්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top