Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 22
353
Views
පොලිස් ඇඳිරිනීතිය ඉවත් කර ඇති බැවින් මගී ප්‍රවාහන සේවා යථාවත් කිරීම සඳහා බස් ධාවනය කරන ලෙස හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.  

එමෙන්ම පෞද්ගලික මගී ප්‍රවාහන සේවා දුම්රිය සේවා සම්බන්ධයෙන් අදහස් දක්වමින්  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බැවින් බස් සහ දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි. 

ඒ සඳහා සේවකයින්ට සේවා ස්ථානවලට පැමිණෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද (22) දිනයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.

කෙසේ වෙතත් අද දිනයේ දෙවන පාසල් වාරය ආරම්භවීමට නියමිතව තිබුණත් අනිද්දා දක්වා කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. 

එමෙන්ම සියළුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා මීට පෙර ප්‍රකාශ කළේ.

උතුර පළාත් සභාවට අයත් සියලු රාජ්‍ය ආයතනවලට අද දිනයේ නිවාඩු ලබාදෙන බව උතුර පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් කියා සිටියා.

මේ අතර විදේශ ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන් නියමිත වේලාවට පැය 04 කට පෙර ගුවන් තොටුපල වෙත පැමිණීම පමණක් ප්‍රමාණවත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

මේ වන විට ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන බවයි ඔහු කියා සිටියේ.  

එමෙන්ම පාර්ලිමේන්තුව හෙට (23) පස්වරුවේ හදිසියේ කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් පරිදි ස්ථාවර නියෝගවලට අනුව මෙම කැදවීම සිදුකෙරෙනවා.  

මේ අතර ජනතාවට තොරතුරු ලබා දීම සදහා පැය 24 පුුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. 

පොලිස් මූලස්ථානය සඳහන් කළේ 011 302 48 73, 011 302 48 83 සහ 011 201 30 39 යන දුරකථන අංක හරහා මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top