Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 21
712
Views
ශ්‍රී ලංකාවේ දේවස්ථාන කිහිපයක මෙන්ම හෝටල් කිහිපයක සිදුවු පිපිරීම් අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙළාදැක තිබෙනවා.

පාස්කු ඉරිදාව සැමරීමට එක්ව සිටි පිරිසක් ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ තම අවධානය යොමුවී ඇති බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ.

මෙම ඛේදජනක අවස්ථාවේ දී පීඩාවට පත්වු ප්‍රජාව සමග එක්ව සිටින බව ද පාප් වහන්සේ ප්‍රකාශකර තිබෙනවා.

මෙම පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් යාඥා කරන බවයි ශුද්ධෝත්තම පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද මෙම සිදුවීම පිළිබඳ කණගාටුව පළකර තිබෙනවා.

ඇය සිය කණගාටුව පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් ද යොමුකර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද සිය ශෝකය පළකර තිබෙනවා.

දේවස්ථාන සහ හෝටල්වල සිදුවූ මෙම පිපිරීම් අගෞරවාන්විත තත්වයක් බවයි ඇය සඳහන් කර ඇත්තේ.

පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබුවන්ට මෙම ඛේදජනක අවස්ථාවේ බලවත් ශෝකය පළ කරන බව තෙරේසා මේ කියාසිටියා.

මේ අතර ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා, තුර්කි ජනාධිපතිවරයා මෙන්ම ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුලු ලෝක නායකයන් රැසක් ද ශ්‍රී ලංකාවේ සිදුවීම පිළිබඳ සිය කණගාටුව පළකළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top