Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 21
738
Views
කොළඹ, කොච්චිකඩේ ශාන්ති අන්තෝනී දේවස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා.
 
මේ වනවිටත් 80කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නෙ.
 
තුවාලකරුවන් තවමත් රෝහල වෙත රැගෙන එමින් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
 
මේ අතර කටාන කටුවාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් තුළද පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. එමෙන්ම මඩකලපුව දේවස්ථානයකද පිපිරීමක් සිදු වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

රෝහල්ගත කළ පිරිස් අතරින් 25ත් 30ත් අතර පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

කොච්චිකඩේ පල්ලිය තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ 160 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.
 
එමෙන්ම මඩකලපුවේ දේවස්ථානයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ 300 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top