Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 20
1,518
Views
හැම දෙනෙකුටම ජීවිතයේ යම් සිහිනයක් තිබෙනවා. ජපන් ජාතික නිරූපිකාවක් වූ ‘වැනිලා චැම්’ ට බාල කාලයේ පටන්ම හිතේ තිබුණ සිහිනය වුණේ ඇගේ පෙනුම ජපන් බෝනික්කෙකුගේ ස්වරූපයට සමාන කර ගැනීමයි. මේ වෙනුවෙන් වූ සැත්කම් වෙනුවෙන් ඇය ජපන් මුදලින් යෙන් මිලියන 10 ක් පමණ වැය කළා පමණක් නොව වරින් වර සැත්කම්වලටත් භාජනය වෙමින් ශාරිරික ලෙසිනුත් වේදනාවන් වින්දේ ජපන් බෝනික්කෙකු වීමටයි.
 
 කැලිෆෝනියාවේ ‘බ්ලොන්ඩි බෙනට්’ නිතරම සිහින මැව්වේ ඇගේ පෙනුම ‘බාබි’ බෝනික්කෙකුට සමාන කර ගැනීමටයි. ඇගේ බාහිර පෙනුම වගේම බෝනික්කාගේ සම්පූර්ණම තත්වයට පත් වීම සඳහා මෝහන චිකිත්සා ප්‍රතිකාරවලටත් යොමු වුණ බව සඳහන් වෙනවා.
 
 රොඞ්රිගෝ අල්වෙස් බ්‍රසිල ජාතිකයෙක්. ඔහු ප්ලාස්ටික් සැත්කම් සහ Hi Def Liposculpture මගින් උදර මාංශ පේශිත් වෙනස් කර ගෙන සිටිනවා. ඔහුගේ මේ උත්සාහය නිසා දැන් රොඞ්රිගෝගේ පෙනුම ‘කෙන්’ බෝනික්කෙකුට සමානයි.
 
 එකක් කඩතොලූ වසා ගන්නට ගොස් දෙකක් හැදුවා වගේ දේවලූත් මේ සිදුවීම් නිසා නොවෙනවාමත් නොවෙයි. කාන්තාවන් බොහෝ දෙනෙක් වයසට යෑමට බියක් දක්වන්නේ තමන්ගේ තරුණ පෙනුම නොදැනීම නැති වෙන නිසයි. ඇමරිකානු ජාතික සමාජ සේවිකාවක වූ ‘ජොසලින් වයිල්ඞ්ස්ටින්’ටත් මේ බිය හිතේ තිබුනා. ඒ නිසාම ඇය ප්ලාස්ටික් සැත්කම් කීපයක් වෙනුවෙන් මුහුණ දුන්නා. ඒත් අන්තිමේදී සිදුවුණ වින්නැහිය ගැනත් දැන ගත්තොත් හොඳයි. දැන් ජොසලින්ගේ පෙනුම හරියට බළලෙක් වගෙයිලූ.
 
 තවත් උදවියගේ තිබෙන අමුතු ආකාරයේ සිතුවිල්ලක් ගැනයි මේ සටහන. අදටත් බොහෝ දෙනෙක් තමාගේ පෙර අත්භවය ගැන උනන්දුවක් දක්වනවා විතරක් නොවෙයි, තමා ඒ ආත්මයේ ගත කළ ස්වරූපය ගැනත් දැන ගැනීමට උනන්දුවක් දක්වනවා. ‘නිලිනා n8 2නමිතා’ ටත් මේ වගේ අමුතු ආකාරයේ උණක් තිබුණා. ඇය නිතරම කියා සිටියේ තමා පෙර ආත්මයක ‘නෙෆර්ටි රැජිණ’ ලෙසින් උපත ලබා සිටි බවයි. ඒ නිසාම නෙමිනා එතැනින් නැවතුනේ නැහැ. ඇය තමාගේ හැඩ රුව නෙෆර්ටි රැජිනට සමාන කර ගැනීමට සැත්කම් 51 කට මුහුණ දුන්නා. මේ සඳහා ඇයට පවුම් ලක්ෂ දෙකක් පමණත් වැය වී තිබෙනවා. දරුවන් තිදෙනෙකුගේ මවක් විදිහට ඇගේ මේ නිසරු උත්සාහය ගැන බොහෝ දෙනෙක් හාස්‍යයෙන් කතා බහ නොකළාමත් නොවෙයි.
 
 කිම් කාඬේසියන්ගේ සැමියා වූ ‘ක්‍රිස් හම්ප්රිස්’ සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගත් ‘මයිලා සිනාජ්’ ට අවශ්‍ය වුණේ ඇගේ පෙනුමත් කිම් කාර්ඬේසියන්ට සමානව ගොඩ නගා ගැනීමටයි. නමුත් ඇය ඒ වෙනුවෙන් සැත්කම්වලට නම් යොමු වුණේ නැහැ.
 
 කාන්තාවන් ගැන සිහියට නැගෙන විටම උපකල්පනය කරන ගුණාංග කීපයක් තිබෙනවා. ඒ අතරින් කාන්තාවන් තමන්ගේ නිවැරැදි වයස ප්‍රකාශ කිරීමට අකමැති බවයි. ඒත් ‘ඈන් බෝල්ටන්’ ට අවශ්‍ය වුණේ ඇගේ වයස පෙනුමට වඩා ප්‍රකාශ කිරීමටයි. තිදරු මවක් වූ ඈන්ගේ හිසකෙස් එක දෙක ඉදෙන්නත්, මුහුණේ යාන්තම් රැලි ගතියක් තිබුණත් එක් දිනක් වෙළඳපොලේදී කාන්තාවක් කියා සිටියේ ඈන් දෙස බැලූ විට ඇය තවම විසි වැනි දශකයේ පසුවෙන තරම් තරුණ බවක් ප්‍රදර්ශනය වෙන බවයි. ඒත් මේ සඳහනට අකමැති වුණ ඇය ප්ලාස්ටික් ශල්‍යකර්ම මගින් මහලූ පෙනුමක් ඇති වෙන සේ මුහුණ සකස් කර ගත්තා.
 
 43 හැවිරිදි ‘ජුලි චෙන්’ චීන සම්භවයක් තිබුණ ඇමරිකානු ජාතික කාන්තාවක්. ඒත් ඇයට අවශ්‍ය වුණේ තමාගේ ඇස් චීන අනන්‍යතාවයට ගැලපෙන විදිහට සකස් කර ගැනීමයි. මේ ගැන දෙමව්පියන්ගේද කැමැත්ත ලබා ගත් ජුලි තමාගේ ඇස් චීන ජාතිකයන්ගේ ඇස් සේ සකස් කර ගත්තා. එහෙයින් ඇයට ලැබුණ අනන්‍යතාවය මොනතරම්ද යත් ප්‍රසිද්ධ ස්ථානයන්හිදී ඇයට අසුන් ගැනීමට ලැබෙන්නේ චීන ජාතිකයන් වෙනුවෙන් වෙන් කරන ලද අසුන්වල බව සතුටින් සඳහන් කර සිටින්නීය.
 
 21 හැවිරිදි Xiaoqing සහ ඇගේ පෙම්වතා අතර වූ ආදර සම්බන්ධතාවය ගිලිහී ගියා. අහිමි ප්‍රේමය නැවත දිනා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි තමාගෙන්ම විමසන විට ‘ෂියෝකින්’ට අලූත් අදහසක් ඇති වුණා. තමාගේ ආදරවන්තයා ඇමරිකානු සිනමා තරුවක් වන ‘ජෙසිකා ඇල්බා’ ට මහත් සේ ආකර්ශනයෙන් සිටින නිසා තමාගේ පෙනුමත් ජෙසිකාට සමාන වන සේ නිර්මාණය කර ගැනීමට ඇය අදහස් කළා. පුවත්පත් සාකච්ඡාවකදීත් ‘ෂියෝකින්’ මේ ගැන සඳහන් කර තිබුණා. ඇගේ සඳහනට ප්‍රතිචාර දක්වමින් ජෙසිකා මෙසේ සටහනක් තබා තිබුනා...
 
 ඔබ තමන්ගේ පෙනුම වෙනස් කර ගන්න එපා. ඔබට කෙනෙක් ආදරය කරනවා නම් ඒ පෙනුමට නොව ඔබටයි...
 
 මේ සටහනත් සමග තමාගේ තීරණයත් නොදැනීම වෙනස් වුන බව ‘ෂියෝකින්’ සඳහන් කළා. ”දැන් මගේ හිතේ කිසිම වේදනාවක් නැහැ. මම ශක්තිමත්...ජෙසිකා මගේ ජීවිතය වෙනස් කළා...” යැයි ෂියෝකින් ’’ සතුටින් කියා සිටිනවා.
 
 ODDEE අඩවියේ Crazy Plastic Surgeries to Impersonate Someone Else ලිපිය ඇසුරිනි
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top