Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 20
968
Views
ඓතිහාසික නොත්‍රඩෑම් දෙව්මැදුරේ පියස්‌සේ වාසය කළ මී මැස්‌සන් 200,000 කට ගින්නෙන් කිසිදු හානියක්‌ සිදුවී නැත. මෙම මී මැස්‌සන් භාරව කටයුතු කළ නිකුලස්‌ ගින්ට්‌ පවසන්නේ 2013 දී මීවද තුනක්‌ දෙව්මැදුරු පියස්‌සේ තැන්පත් කළ බවයි.
 
 පැය 12 කට අධික කාලයක්‌ ගින්න පැවතියත් මේ මීමැස්‌සන් දිවි ගලවා ගත්තේ කෙසේද යන්න මවිතයක්‌ බව හෙතෙම කීවේය.
 
 මී මැස්‌සන් සුපුරුදු පරිදි මීවදවලින් එළියට ගොස්‌ ආපසු පැමිණෙන අයුරු මා දුටුවා යෑයි ඔහු පළ කළේය.
 
 ගින්නට ගොදුරු වී මීවද තුනම විනාශ වී ඇති බව තමා සිතුවත් චන්ද්‍රිකා ඡායාරූපවලින් මී මැස්‌සන්ට හානියක්‌ සිදුවී නැති බව දුටුවේ යෑයි එම මීමැස්‌සන් භාරව සිටි නිකුලස්‌ ගිනට්‌ කියා සිටියේය.
 
 මෙම මීමැස්‌සන් සමූහය වසර සිය ගණනක්‌ තිස්‌සේ පැවතෙන මීමැසි පෙළපතට අයත් වේ.
 
 එම මීමැස්‌සන් සිටින මී වදවලින් වසරකට මී පැණි ටොන් 25 ක්‌ ලබාගන්නා අතර එම මී පැණි නොත්‍රඩෑම් පල්ලියේ කාර්ය මණ්‌ඩලයට අලෙවි කෙරේ.
 
 මෙම මී මැස්‌සන් භාරව සිටි භාරකරු තවදුරටත් පැවසුවේ මී මැස්‌සන්ගේ දිවි ගැලවීම හාස්‌කමක්‌ බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top