Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 19
641
Views
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට පැවැති බව කියන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුතු වන නදීමාල් පෙරේරාගෙන් ඊයේ (18 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

මෙම කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග ගායන ශිල්පි අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා සමීප මිත්‍රත්වයක් පවත්වා ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීප මිතුරන් බව ද මේ වනවිට හෙළිව ඇත.

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක මධුෂ්ගේ නම ද අවස්ථා කීපයකදී කියැවී තිබිණි.

මාකඳුරේ මධුෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරා අතර පැවති සම්බන්ධතාව පිළිබඳව තොරතුරු හෙළි කර ගැනීම සඳහා නදීමාල් පෙරේරා ගෙන් ප්‍රශ්න කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මේ වන විට ඩුබායි පොලිසියේ රඳවා සිටිති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top