Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 19
702
Views
මහියංගනයේ දී පෙරේදා (17 වැනිදා) බදාදා සිදු වූ මාරක රිය අනතුරෙන් මියගිය එකම පවුලේ දස දෙනෙකුගේ දේහයන් ඊයේ (18 වැනිදා) උදෑසන ඔවුන් පදිංචිව සිටි මඩකලපුවේ නිවාස වෙත ගෙන එන ලදී.

17 වැනිදා සවස මහියංගන මූලික රෝහලේදී මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් පසු දේහයන් ඥතීන්ට භාරදුනි.

මඩකලපුවේ මාමන්ගන්හි පදිංචි සිව්දෙනකු, දච්බාර්හි පදිංචි සිව්දෙනෙකු සහ පනිච්චයඩි දෙදෙනෙකු අනතුරින් මියගොස් තිබිණි. ඔවුහු එකම පවුලේ අයයි. වෑන් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා බදුල්ල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගිය අයගේ දේහයන් එම නිවාස තුනේ වෙන් වෙන්ව තැන්පත් කර තිබිණි.

අවසන් කටයුතු සිදුකිරීමට පෙර ආගමික වතාවත් සිදුකිරීමට සියලූ මෘත දේහයන් මඩකලපුව කතෝලික දේවස්ථානය වෙත රැගෙන එන ලදී. එහිදී ආගමික වතාවත් සිදුකර කල්ලියන්කාඩු සුසාන භූමියේ එකම ස්ථානයකදී අවසන් කටයුතු සිදුකෙරිණී.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top