Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 18
725
Views

දොරපොල්ලෙන් පහර දී තම මව ඝාතනය කළ සැකකාර කාන්තාවක 16 වැනිදා අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහවත්ත මඩලගම පදිංචි ගම්ගොඩ ආරචිචිලාගේ පියතිලකා (52) නමැති තිදරු මවකි. මව පියා සහ තම දරුවා ද සමග එකම නිවසක ජීවත් වූ සැකකාර කාන්තාව මානසික රෝගී තත්වයකට ද ප්‍රතිකාර ලබන තැනත්තියක බව පොලිසිය කියයි.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී මව සහ සැකකාරිය පමණක් නිවසේ රැඳී සිට ඇති බවත් සැකකාරිය මවගේ හිසට දොර පොල්ලෙන් පහර දී ඇති බවත් නිවසින් බැහැරව සිටි සැකකාරියගේ පියා පැමිණ බිරිඳ බේරා ගැනීමට සූදානම් වන අවස්ථාවේදී පියාට ද පහර දී ඇති බවත් පියා ද ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (17 දා) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් විසින් සිදුකිරීමට නියමිතව තිබුණි.

කහවත්ත පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූ‍ගල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ .පො. ප. ගාමිණී මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

කහවත්ත-ඉන්දික රාඡපක්ෂ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top