Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 18
581
Views

බූරුවා ගහන්න යන්න මම බිරිඳගෙන් රුපියල් දාහක් ඉල්ලූවා. මට සල්ලි දෙන්න බැහැ කියලා එයා කිව්වා. ඒ එක්කම අපි දෙන්නා රණ්ඩු වුණා. මම බිරිඳගේ බෙල්ලෙන් අල්ලලා ඔළුව දොරේ ඇන්නා.

සැමියාගේ පහර දීමෙන් මියගිය බවට සැකකරන හිඟුරක්ගොඩ, නාගපොකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි අලූත්ගෙදර දිනුෂා චන්ද්‍රසේන (26) යන අයගේ මරණය පිළිබඳව පොලිසියට ප්‍රකාශයක් දෙමින් ඇයගේ සැමියා වන මක්කමගේ පැතුම් සමීර (29) නමැත්තා එසේ කීය.

මෙහිදී වැඩිදුරටත් පාපොච්චාරණයක යෙදුණු සැකකරු මෙසේ ද කීය.

මම නිතර මත්පැන් බොනවා. පසුගිය අවස්ථාවල බූරුවා ගහන්නත් ගියා. සිද්ධිය වූ වෙලාවෙත් අරක්කු බීලා හිටියේ. එදා බූරුවා ගහන්න ගිහින් පැරදිලා ගෙදර ආවා. සවස 6.30 ට විතර මම බිරිඳගෙන් රුපියල් දාහක් ඉල්ලූවා බූරුවා ගහන්න යන්න. එයා සල්ලි දෙන්න බැහැ කිව්වා. ඒ වෙලාවේ ඉඳලා අපි දෙන්න බහින් බස් වුණා. මම බිරිඳගේ කනට ගැහුවා. ? වෙනකම්ම අපි දෙන්නා රණ්ඩු වුණා.

? 9.30 ට විතර අපි දෙන්නගේ රණ්ඩුව වැඩි වුණා. බැරිම තැන මම බිරිඳගේ බෙල්ලෙන් අල්ලලා ඔළුව දොරේ ඇන්නා. බිරිඳ කෑ ගැහුවා. කලන්තේ වගේ කියලා බිරිඳ ඉඳගත්තා. එතකොටම වගේ අපේ අම්මා ගෙදරට ආවා. බිම ඉඳගෙන හිටිය බිරිඳගේ ඔළුවේ සිද්ධාලේප ගෑවා. අපි දෙන්නට රණ්ඩු වෙන්න එපා කියලා අම්මා ගෙදර ගියා. ඒත් එක්කම වගේ මම නිදා ගත්තා.

පාන්දර 3.00 ට විතර ළමයා අඬන සද්දයට මට ඇහැරුණා. දරුවාට කිරි ඕනෑ වෙලා අඬලා තියෙන්නේ. මම බිරිඳ කෝ කියල හොයල බැලූවා. එළියට ගිහින් බලනකොට බිරිඳ මිදුලේ වැටිලා හිටියා. පස්සේ ත්‍රීවිල් එකක් හොයාගෙන ඇවිත් බිරිඳ පොළොන්නරුව රෝහලට අරගෙන ගියා. බිරිඳ පරීක්‍ෂා කරපු දොස්තර මහත්තුරු කිව්වා එයා නැතිවෙලා කියලා.

මෙහිදී ප්‍රකාශයක් කළ මියගිය කාන්තාවගේ නැන්දණිය වන බී.ඒ. විමලාවතී යන අය මෙසේ සඳහන් කළාය.

මියගොස් සිටින්නේ මගේ පුතාගේ බිරිඳ. දෙන්නා නිතර රණ්ඩු වෙනවා. සිද්ධිය වූ වෙලාවෙත් දෙන්නා හොඳටම රණ්ඩු වුණා. ? 9.30 ට 10.00 ට විතර මම එයාලගේ ගෙදරට ගියා. එතකොට දුව පඩිපෙළේ වාඩිවෙලා අඬ අඬ ඉන්නවා. මම සිද්ධාලේප ගෙනල්ලා එයාගේ ඔළුවේ ගෑවා. දෙන්නටම රණ්ඩුවෙන්න එපා කියලා මම අපේ ගෙදරට ගියා. පාන්දර 4.00 ට විතර පුතා ඇවිත් කීවා දිනුෂා මිදුලේ වැටිලා ඉන්නවා කියලා. පස්සේ ත්‍රීවිල් එකක් ගෙනත් එයාව රෝහලට අරගෙන ගියත් ඒ වෙනකොටත් එයා නැතිවෙලා කියලා දැන ගත්තා. මරණයට හේතුවක් දන්නේ නැහැ.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (17 දා) සවස් වන විටත් පවත්වා නොතිබූ අතර සැකකාර සැමියා වන එම්. පැතුම් සමීර නමැත්තා ඊයේ හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සමිතා ජයසේකර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 01 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

හිඟුරක්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයන්ත දසනායක, සැරයන්වරුන් වන ජයසිංහ (26118), ආරියදාස (50417), ජයකොඩි (35152), කොස්තාපල්වරුන් වන විජේසූරිය (50481), ප්‍රදීප් (36901), කාන්තා පොලිස් කොස්තාපල් ඉඩමේගෙදර (6782) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

හිඟුරක්ගොඩ - අතුල සූරිය බණ්ඩාර
 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top