Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 17
1,449
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ට ලබාදෙන නව කොන්ත්‍රාත්තුවට සියලූම ක්‍රීඩකයන් කැමැත්ත පළ කරමින් ලියවිල්ලකට අත්සන් කර ඇතැයි  වාර්තා වේ. ඒ අනුව නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.
 
 මීට පෙර තිබූ ක්‍රිකට් කොන්ත්‍රාත්තුව වෙනුවට නව ක්‍රමවේදයකින් වාර්ෂික කොන්ත්‍රාත්තුව සකස් කර ඇති අතර එහිදී ක්‍රීඩකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය වෙනුවට දක්ෂතා අනූව ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ පත්ව ඇති තත්ත්වය අනූව මෙවැනි තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් එළැඹී ඇති අතර එය දක්ෂතා දක්වන ඕනෑම කෙනකුට යහපත් ක්‍රමවේදයක් බව ඔවුන් පවසති.
 
 ‘ජ්‍යෙෂ්ඨත්වය අනූව කෝටි ගණන් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළාට ඔවුන්ගෙන් කණ්ඩායමට වෙන සේවය බලන්න ඕන. නමුත් පසුගිය වසරේදී දැක්වූ දක්ෂතා සහ මෑත කාලයේදී දැක්වූ දක්ෂතා අනූව තමයි ඉදිරි වසර සඳහා කොන්ත්‍රාත්තුව ලබානේනේ. ක්‍රීඩකයන් දැන ගත යුතුයි ඔවුන්ගෙන් කණ්ඩායමට සහ රටට වෙලා තියෙන සේවය මොකද්ද කියලා. එහෙම නැතිව කොන්ත්‍රාත්තුව ගැන ලත වෙන්න කිසි කෙනෙකුට අවශ්‍යතාවක් නැහැ.’ යැයි මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රවීණයකු පැවසීය.
 
 නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සකස් කිරීමේදී ක්‍රීඩකයන්ගේ විනය පිරිහී ගිය අවස්ථාවන්හිදී කොන්ත්‍රාත්තුවෙන් දඩ අය කර ගැනීමට හැකි ක්‍රමවේදයක්ද සකස් කර තිබීම විශේෂත්වයකි. ඒ අනූව ක්‍රීඩයන් සිය විනය සම්බන්ධයෙන් මෙවර කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේදී දැඩි අවධානයක් යොමු කළ යුතුවේ. කොන්ත්‍රාත්තුව සකස් කිරීමට පෙර ක්‍රීඩකයන් දැනුව් කිරීමේදී ඒ සම්බන්ධයෙන් සියලූ දෙනාම කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වේ.
 
 ලෝක කුසලාන තරගාවලියට පෙර සියලූම ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අත්සන් කළ යුතු වේ. නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේදී නිතර ආබාධ වන ක්‍රීඩයන් සඳහාද විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top