Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 17
988
Views
ආදරය සමහරක් වෙලාවට ආශීර්වාදයක්. ඒ වගේම තවත් වෙලාවකට ඒ ආදරයම තවත් කෙනෙකුගේ ජීවිතය පවා විනාශ කරන්නට පුළුවන් . දැන් කියන්න සුදානම් වන්නේ එංගලන්තයේ සිදුවූ එවැනි සිදුවීමක් ගැනයි. ලොව පුරා ප්‍රසිද්ධ නාලිකාවක් වන චැනල් 4 නාලිකාවේ හොලිවෝ ක්ස් රුපවාහිනී නාට්‍ය මාලාවේ රඟපෑ සිලියානා බෙහෙවින්ම රුවැත්ති තරුණියක් වුනා . ඇගේ ඇත්ත නමටත් වැඩ ඇය බෙහෙවින්ම ජනප්‍රිය වුනේ ඇය රඟපෑ එමිගේ චරිතයෙන් .

ඒ චරිතයේ ගෘහස්ත හිංසනයට ලක් වූ එමිගේ කොණ්ඩය පෙම්වතා විසින් කපා දමන ආකාරය ඇය අපුරුවට රඟපා තිබෙනවා. එමි සබැ ජීවිතයේදී ඉතාමත් අහිංසක කෙනෙක්. සමාජ සේවා වැඩවලටත් ඇය පුදුමාකාර කැමැත්තක් දැක්වුවා.

ඒ වගේම ප්ලේබෝයි සගරාවේ නිරුපිකාවක් විදියටත් ඇය කටයුතු කල අතර එමිගේ මව චිත්‍ර ශිල්පිනියක්. පියා මවගෙන් වෙන්වී සිටියත් ඔහුත් ඇමිට ගොඩක් ආදරෙයි. ඇමිට තවම වයස අවුරුදු 19යයි. 2008 වසරේදී ඇය මෝස්‌තර නිරුපන තරඟයකින් මුලටම තේරුණා. එදා ඇය හිටියේ හරිම සතුටින්. අවසන් වටයට තේරුණා එක මට අදහගන්නට බැහැ . මට ඕනේ දිගටම මෝස්‌තර නිරුපන ශිල්පියෙහි රැදී සිටින්නටයි. ඒ සදහා මට දිගින් දිගටම ආරාධනා ලැබෙනවා. අම්මයි තාත්තයි දිගටම මගේ පසුපස ඉදන් මව දිරිමත් කරනවා . අවසන් වටයට තේරුණු දා ඇය පුවත්පත්වලට ඒ විදිහට කියල තිබුනා. ඇයගේ පෙම්වතා වුනු රෙකාඩෝ පාපන්දු පුහුණුකරුවෙක් ඔහුගේ වයස අවුරුදු 22යි . රිකාඩෝ ඇයට මුණ ගැහුනේ 2008 වසරේ.දී ඔවූන් එකිනෙකා හදුනාගත්තේ fb මගිනි .

ඒ අවුරුද්දේ අග වෙද්දී ඇමිට රිකාඩෝව හොදින් තේරූම් ගන්නට හැකිවුණා. ඔහු ටිකක් දරුණු පුද්ගලයෙක්. ඒ නිසා ඇමි ඔහුගෙන් ඉවත්වෙන්නට සුදානම් වූනත් රිකාඩෝ ගෙන් එකට අවස්ථාවක් ලැබෙන්නෙම නැහැ. ‘මාව දාලගියොත් බලාගෙනයි‘ රිකාඩෝ එසේ කියමින් නිතරම ඇමිට තර්ජනය කරලා තිබුනා .

මීට පෙරත් රිකාඩෝ විසින් ඇමිට වද දී තිබුණා . ඔහු මිට පෙරත් ඇමිගේ 19 වන උපන්දිනය දා ගැහැණුන් 5 දෙනෙකුට පහර දී තිබුනා. 2008 වසරේ නොවැම්බර් 8 වැනිදා රිකාඩෝ විසින් ඇමිට පහර දී පසුව ඇයව ගේ ඇතුලට දමා ගිහින් තිබුනා.

ඇමි විසින් වේදනාව සහ තරහව නිසා ගැහැනුන්ට ගහන මෝඩයා අදින් පස්සේ උඹගෙයි මගෙයි සම්බන්ධය ඉවරයි කියලා sms එකක් යැවුවා .

ඉන් නොනැවතුන ඇය විසින් ඇගේ මවට දුරකථන ඇමතුමක් ගත්තා . අම්මේ රිකාඩෝ මට ගැහුවා. අනේ ඉක්මනට ඇවිත් මව එක්කන් යන්න. ඇය සිය මවට එහෙම කියල තිබුනා. ඒ අනුව ඇමිගේ මව විසින් ඇගේ කලින් සැමියා වූ ඇමිගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඇමිව කැඳවා ගෙන එන මෙන් දැනුම් දුන්නා. ඒ අනුව ඇමිගේ පියාද ඇයව කැඳවා ගෙන එන්නට පිටත් වුනා.

මේ අතර ඇමිගේ sms පණිවිඩය ලැබුණු රිකාඩෝ ඇමිගේ පියා එන්නට කලින් ඇමි සිටි නිවසට ඇවිත් තිබුණා . නිවසට ආ ඔහු විසින් කුස්සියේ තිබුණු පිහියකින් ඇනගෙන ඇනගෙන ගියා . ලේ ගලමින් බිම වැටුණු ඇමිව නිවසේම දමා ගිය ඔහු නිවසින් පිට වූනෙත් ලේ තැවරුණු ඇදුම්ද ඇතිවයි .

ටික වෙලාවකට පසුව ඇමිගේ පියා පැමිණියේ ඇයව එක්කගෙන යන්නයි. ගේ තුලට පැමිණි දුටු දෙයින් බීරාන්ත වුණා . ඒ දැක්ක දේ මට අදහගන්නත් බැරි වුණා. කාටවත් එහෙම දේවල් දකින්න නොලැබේවා . මගේ චුටි කෙල්ල ලේ වලින් නෑ විලා හිටියා. මට එක හීනයක් වගෙයි. මං මිනිත්තු 10ක් ඉස්සර වුනානම් මගේ දුව ජිවතුන් අතර. මගේ දුව මිය ගිය කියා මගේ පපුව කඩාගෙන වැටුනා.

ඇමි රෝහලට යන්නට කලින් ඇය විසින් තනිවම ලේ පෙරමින් අමාරුවෙන් බිම දිගේ ඇදී ගොස් පොලිසියේ හදිසි ඇමතුම් අංකයට කතා කර තිබුනා .

ඒ අනුව දුරකථන ක්‍රියාකරවන්නිය හා ඇමි අතර මිනිත්තු 10ක පමණ සංවාදයක් තිබුණා. ඇගේ දුරකථන ඇමතුමේ ප්‍රතිපලයක් ලෙසින් හදිසි ප්‍රතිකාර අංශය විසින් ඇගේ නිවසට ළඟා වී ඇයව රෝහල් ගත කර තිබුණා .

ඇමිගේ මවත් රෝහලට පැමිණ තිබුනා. ඇයව ශල්‍යාගාරයට රැගෙන යන විට ඇය සිටියේ දරාගැනීමට බැරි තරම් වේදනාවකින් මෙන්ම කෑ ගසමින් .

‘අම්මේ මට වේදනාව දරා ගන්නට බැහැ . මට ඕනේ දැන් ඉක්මනටම මැරෙන්න‘. ඇමි ඇගේ මවට ඒ විදියටම කියා තිබුනා. මගේ දුව දිහා බලන්න විදියක් නැහැ. හැමතැනම පිහි ඇනුම් පාරවල් දුව වේදනාවෙන් කෑගැහුවා. ඇගේ ලස්සන මුහුණට වෙලා තිබුන දේ මට අදහගන්නටත් බැහැ. ඇය අන්තිමට කිව දේ තවමත් මට ඇහෙනව වගේ.

රිකාඩෝ ඇමිට පිහියෙන් ඇනල ඔහුගේ මව සිටි නිවසට ගිහින් තිබෙනවා. ඔහුගේ මව පොලිස් නිලධාරිනියක් . ඇය විසින් සිද්ධිය ගැන විමසද්දී ඔහු කියල තිබුනේ තමන් විසින් ඇමිට අතවත් තිබු නැති බවක්. රිකාඩෝ ගේ මවත් පුතාගේ ලේ පැල්ලම් සහිත ඇදුම් සෝදා දමා කිසිවක් සිදු නොවූ පරිදි සියල්ල අවසන් කර දමා තිබුනා.

එනමුත් ඇමිගේ දුරකථන ඇමතුමේ සියලු දේ පටිගත කර තිබුණු නිසා රිකාඩෝට ගැලවීමක් තිබුනේ නැහැ. ඒ අනුව අධිකරණය විසින් රිකාඩෝට වසර 25ක අවම සිරදඩුවමක් ජීවිතාන්තය දක්වා නියම කර තිබුනා. රිකාඩෝට මවටද ඝාතන චෝදනා එල්ල කර තිබුනා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top