Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 17
3,338
Views
මහියංගණය - බදුල්ල  ප්‍රධාන මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු, කාන්තාවන් තුන්දෙනෙකු සහ කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙකු මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය සහ තුවාල ලැබූ පිරිස වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් වන අතර ඔවුන් මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පොලීසිය ප්‍රකාශ කළේ බදුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පාලිත ආරියවංශ - බදුල්ල



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top