Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 16
1,239
Views
Salma Hayek කියන්නේ ඇමරිකානු නිලියක්. 52 හැවිරිදි ඇය විවාහ වී සිටින්නේ Kering සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයෙක් වූ  Henri Pinault සමග. ප්‍රංශයේ සිටින ප්‍රකොටිපතියෙක් ඔහු. 

ලොවම කම්පාකරමින් ප්‍රංශයේ ගිනිගෙන දැවුණු ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ල යථාතත්ත්වයට පත් කරන ලෙස ඔහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම එය යථාතත්වයට පත් කිරීමට විශාල මුදලක් යන බැවින් ඔහුගේ වත්කමින් යුරෝ මිලියන 100ක් එනම් ශ්‍රී ලංකා මුදලින් කෝටි 1970 ක මුදලක් ලබා දෙන බව ඔහු කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.



දෙව්මැදුර ගිනිගෙන පැයක් ගිය පසු එම ආරංචිය සැලවීමෙන් ඔහු කම්පාවට පත් වූ බවත් ඒ සැණින් ප්‍රංශ ජනාධිපති කාර්යාලය අමතා ජනාධිපති  Emmanuel Macron මුණගැසීමට වේලාවක් වෙන් කරගෙන තිබෙන අතර ඔහුට වෙන් වූ වෙලාව තුල ජනාධිපතිව මුණගැසී ඔහුගේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති ඊට ප්‍රතිඋත්තර ලබා දුන් බවත් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. 




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top