Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 16
1,755
Views
බ්‍රිට්නි ඇන් මර්ෆි ඇමරිකාවේ හොලිවුඩ් පුරය බැබලවූ නිලියක්. ඒ වගේම ඇය ගායිකාවක්. මෝස්‌තර නිරුපිකාවක් සහ හඩ කැවීම් ශිල්පිනියක් ලෙසද කටයුතු කලා.

ගීත රාශියකට හිමිකම් කියූ බ්‍රිට්නි චිත්‍රපටි 63 ක රඟපෑවා. ඇය වයස අවුරුදු 14 දී කැලිෆෝනියාවට ආවේ. රුපවාහිනී නාට්‍ය මාලාවක රඟපෑවා. හොලිවුඩ් පුරයේ ජනප්‍රිය නිලියක් බවට පත්වූ බ්‍රිට්නිට ගායිකාවක් විදියට ඉදිරියට එන්න වැඩි කාලයක් ගත වුනේ නැහැ.

ඉතාමත් තරුණ වියේදී ඇය පෙම් සම්බන්ධතා කිහිපයකටම පැටලුනත් ඒවා විවාහයකින් කෙලවර වුනේ නැහැ. අවසානයේදී බ්‍රිට්නි විවාහ වූනේ බ්‍රිතාන්‍ය ජාතික තිරකතා රචකයෙක් වූ හා චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වූ සයිමන් මනජික් සමගින්ය. එම විවාහ උත්සවය ලොස් ඇන්ජලිස් නුවර පැවත්වුයේ ඉතාමත් පෞද්ගලික යුදෙව් මංගල උත්සවයක් ලෙසටයි.

මේ දෙදෙනා පදිංචිවී සිටියේ ජනප්‍රිය ගායිකා බ්‍රිට්නි ප්‍රිසියර්ස් ට අයත් ටිම්බර් ලේක් හි පිහිටි සුවිශාල මන්දිරයකයි .

ඔවුන් සමග බ්‍රිට්නිගේ මව වූ ශරොන්ද එහි පදිංචි වී සිටියා. 2010 වසරේ දෙසැම්බර් විසිවෙනිදා උදෑසන බ්‍රිට්නි සුපුරුදු විදිහටම නාන කාමරයට ගියා . උදැසන 8ට පමණ ලොස් ඇන්ජලිස් ගිනිනිවීම් සේවා දෙපාර්තුමේන්තුවට ලැබුණු හදිසි පණිවිඩයකින් කියවුනේ හදිසි විද්‍යා ප්‍රතිකාර අවශ්‍ය බවයි.

මෙම පණිවිඩය ලැබිල තිබුනේ බ්‍රිට්නිගේ නිවසෙන්. හදිසි ප්‍රතිකාර සදහා වෛද්‍ය කණ්ඩායමක් වහාම බ්‍රිට්නිගේ නිවසට ළඟා වුනා.

ඔවුන් යන විටත් බ්‍රිට්නි නිවසේ නාන කාමරයේ වැටි සිටියා. ඔවුන් වහාම ඇයට ප්‍රතිකාර ලබා දී ඇයව සිහි ගන්වා ගන්නට උත්සාහ දරුවා.

එම උත්සාහය සාර්ථක නොවුණු තැන ඇයව ප්‍රතිකාර සදහා වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන යන්නත් ඔවුන් කටයුතු කලා. මේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් උදැසන 10.04ට පමණ බ්‍රිට්නි මර්ෆි මෙලොවින් සමුගත්තා. බ්‍රිට්නිගේ මරණය හෘද ක්‍රියාකාරිත්වය අක්‍රිය වීම නිසා සිදුවූ මරණයක් බවා හදිසි මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වී තිබුනා.

බ්‍රිට්නි කලක සිට ප්‍රතික්ෂාව සහ ස්වසන අපහසුතා සදහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඒ සියල්ලම වෛද්‍ය නිර්දේශ මත ගත්ත ඒවා බවත් අනාවරණය වී තිබුනා. නමුත් බ්‍රිට්නි මියයනවිට ඇගේ නිදන කාමරයේ සැම තැනකම විසිරි තිබුණු බෙහෙත් පෙති ගැන කාහටත් සැකයක් ඇති වුනා. කොහොම නමුත් ඇයගේ මරණය ස්වභාවික මරණයක් බවට අවසානයේදී තීරණය වුණා. බ්‍රිට්නි නාන කාමරයේදී වැටි සිටියදී සොයා ගනු ලැබුවේ ඇයගේ මව වූ ශරෝයින් විසින්. සිය දියණිය දිය වැඩියා රෝගයෙන් පෙළුණු බවට මව පරීක්ෂකයින්ට පවසා තිබුනා. කොහොම නමුත් ඇගේ මරණය බෙහෙත් ද්‍රව්‍ය වැඩිපුර ගැනීමක් නිසා සිදුවූ මරණයක් බවට අවසානයේ තීරණය වුනා මෙන්ම කටකතාද පැතිරුනා .බ්‍රිට්නි වැටි සිටිනු බවට දැනගත් මව ශරෝන් හා බ්‍රිට්නිගේ සැමියා වන සයිමන් එකතුව ඇය සිහිගන්වා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

ඒ සදහා ඔහු ඇයව නාන කාමරයේ තබා දියෙන් තෙමුවා. එත් සිහිය ආවේ නැති නිසා හදිසි ඇමතුම් අංකයට මේ පිලිබදව දැනුම් දී තිබුනා. බ්‍ර්ට්නිගේ මරණයෙන් මාසයකට පසුව 2014 ජනවාරි මාසයේදී ඇගේ මව සහ සැමියා එක්ව බ්‍රිට්නිගේ නමින් ළමයින් සදහා නොමිලේ චිත්‍ර කතා පාසලක් ආරම්භ කලා. ඊට අමතරව පිලිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇතුළු පුණ්‍ය ආයතන රැසක්ද ආරම්භ කලා. 2010 දෙසැම්බර්වල බ්‍රිට්නි මියයනවිට ඇයට වයස අවුරුදු 36යි . බ්‍රිට්නි මියගොස් මාස 5කින් ඇයගේ සැමියා වූ සයිමන්ද බ්‍රිට්නි මියගිය ආකාරයෙන්ම ඇයගේ නිවසේදී මියගොස් තිබුනා.

ඔහුගේ සිරුරද දැක තිබුනේ බ්‍රිට්නිගේ මව වූ සරොන් විසින්. සයිමන් නිවසේ වැටි තිබුණු දුටු ශරෝන් ඔහුව සිහිගන්ව ගැනීමට උත්සහදරා බැරිමතැන හදිසි ඇමතුම් අංකයට කතා කර තිබුනා. හදිසි ප්‍රතිකාර සදහා වෛද්‍යවරුන් පැමිණ සිහිගැන්වීමට උත්සාහ කලත් බ්‍ර්ට්නිගේ මරණය ලෙසම සයිමනුත් මිය ගොස් සිටියා. සයිමන්ගේ මරණද හෘදය අක්‍රිය වීමක් නිසා සිදුවූ බවට හදිසි මරණ පරීක්ෂකයින් පැවසුවත් ඒ පිලිබදව ඔවුන් ස්ථිර නිගමනයකට ඇවිත් තිබුනේ නැහැ .මේ මරණ දෙකම එකම නිවසේ නාන කාමරයේ සහ නිදන කාමරයේ සිදුවූ අතර සිරුරු දෙකම සොයා ගෙන තිබුනේ එකම තැනැත්තියක් විසින්. ඒ බ්‍රිට්නිගේ මව වූ ශරෝන්. පෙර මෙන්ම මෙදිනද කාමරය පුරා බෙහෙත් ද්‍රව්‍ය විසිරි තිබුනා. තහනම් බෙහෙත් ද්‍රව්‍ය නොතිබූ නිසා සියදිවි නසාගැනීමක් බව පිළිගැනීමට කවුරුත් ආසා කලේ නැහැ.

මේ අතර සයිමන්ගේ ජංගම දුරකථනය තිබු කටහඩ පටිගත කිරීමක් ගැනද ප්‍රේක්ෂකයෝ සෙවිල්ලෙන් ඉන්නවා. මේ සියලු කාරණා මැද සයිමන්ගේ මව පුත්‍රයාගේ මරණය පිළිබද වරද ශරොන්ට පැටෙවුවා.

සයිමන් සිහිසුන්ව සිටියදී හැකි ඉක්මනින් හදිසි ඇමතුම් අංකයට කතා නොකලේ ඇයිද යන්න ඉන් එක චෝදනාවක් . මගේ පුතා මැරෙන්න පෙර වෛද්‍යවරුන් ගෙන්වීමට හදිසි ඇමතුම් අංකයට කතා කරන්නයි මන් කොච්චරවත් ශරොන්ට කිවා. ඒක ගණනකටවත් ගත්තේ නැහැ යනුවෙන් සයිමන්ගේ මව චෝදනා කරනවා.

එහෙත් ශරෝන් පවසන්නේ තමා දකිද්දීත් සයිමන් මැරී සිටි බවයි. කෙසේවුවත් බ්‍රිට්නිගේ මියයාමට පෙර ඇයගේ සියලු වත්කම් පවරා තිබුනේ මව වන ශරෝන්ටයි.

බ්‍රිට්නිගේ සුවිසල් නිවාස විකිනීමට සයිමන් සහ ශරෝන් මුලදී තීරණය කලත් බ්‍රිට්නිගේ බඩුභාහිර ආදිය තියෙද්දී පිට අය පැමිණෙනවා බලන්නට කැමැත්තක් නැතැයි පවසමින් බ්‍රිට්නිගේ මව ශරෝන් එය විකිණීම කල් දමා ඇතැයිද පැවසෙනවා.

හොලිවුඩ් පුරයේ තවත් සුපිරි නිලයක් මෙන්ම ගායිකාවක් එසේ අවසන් ගමන් ගියාය.

මිය ගිය පසු ඇය ගැන දන්නා කවුරුත් පවසන්නේ නාන කාමරය ගැන ඇය නිතරම මෙසේ කියූ බවයි. මම කොහේ ජිවත් වුනත් නාන කාමරයේදී මට ලැබෙන්නේ පුදුමාකාර සැනසිල්ලක් සහ රැකවරණයක් යනුවෙන් ඇය පවසා තිබුනා . ඇය ජිවිතයේ සිය අවසන් සැනසීම ලැබුවේද නාන කාමරයේ දීය.


Image result for hollywood actress Brittany Murphy death

Related image


Related image


Related image
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top